Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Saturday, June 19, 2010

සැමියා, බිරිද හා ගණිකාව

මෙම ලිපිය ලිවීමට වස්තු බීජය වූයේ කලකට ඉහත පුවත්පතක පළවූ සත්‍ය සිද්ධියකි.
ඔහුගේ බිරිද ගණිකාවක් වූවාය. ඔහු ඒ පිලිබදව දැනුවත්ව සිටි අයෙකි. විශේෂත්වය වූයේ තම බිරිදගේ පහස ලබනු රිසි සේවාදායකයන් (customers ලා) තම බිරිද හමුවට ගෙන ගියේ ඔහු විසින් ඔහුගේම ත්‍රීරෝද රථයෙන් වීමයි. සියලු කටයුතු සම්බන්ධීකරණය වන්නේ ඔහු අතිනි. පුවත්පතේ පළවූ ආකාරයට නම් ඔවුන් "යහපත්" පවුල් ජීවිතයක් ගත කරති.

මෙහිදී මා විසින් අදාල සැමියාගේ අරමුණු පිලිබද විග්‍රහයකට යෑමට නොසිතමි. ඔහුගේ අරමුණ බලහත්කාරයෙන් බිරිදගේ ඇග මස විකුණා තම වුවමනාවන් සපුරා ගැනීමද නැතිනම් තම බිරිද වෙනත් පුරුෂයෙකු හා ලිංගිකව හැසිරෙනු දැක ආතල් එකක් ගැනීමද නැතිනම් වෙනත් අරමුණක් ඇතිවද යන්න මා නොදනිමි. එහෙත් ලිපියේ අදාල සැමියා විසින් කරතිබූ පාපොච්චාරණයෙන් මට හැගී ගියේ පහසු හා හොද ආදායම් මාර්ගයක් නිසා දෙදෙනාම සහයෝගයෙන් මෙය කරගෙන යන බවකි.

මෙම ලිපිය කියවූ කල මා තුල ඇති වූයේ මෙවන් අදහසකි. තම බිරිද ගණිකාවක් වුවත් එය තුට්ටුවකට මායිම් නොකොට ඇය හට හදවතින්ම ආදරය කිරීම සාමාන්‍ය පුද්ගලයෙකුට කල හැකිද යන්නයි. දෙහදක් ආදරයෙන් එක් වූ විට එම ආදරය ආධ්‍යාත්මික තලයකට ඔසවා තබන්නට සමත් වන ගැහැණු පිරිමි වන්නේ නම් ඒ බොහෝ කලාතුරකිනි. ශරීරය හා ඒ හා බැදුණු ලිංගිකත්වය නැමැති අස්ථීර පටු සීමා මායිම් වලින් ඔබ්බට ගොස් ,ආදරය එහි සැබෑ අරුතින් ප්‍රකාශ වීම ප්‍රායෝගිකව සිදුවිය හැකිද?

උදාහරණයක් ලෙස සාමාන්‍ය ගැහැණියක හා පිරිමියෙකු ආදරයෙන් වෙලී විවාහ දිවියට පත් වීම සලකා බලමු. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයන් හට අනෙකෙකුගේ සිතිවිලි කියවිය නොහැක. එබැවින් සැමියා හට බිරිදගේ හදවතේ තමාට ඇති ආදරය ඇයගේ වචනයෙන්, ඉරියව්වෙන් හා ඉගියෙන් හැරෙන්නට ප්‍රත්‍යක්ෂ ලෙස දැනගත නොහැක.

මෙවිට සාමාන්‍ය පුද්ගලයාගේ මනස හැසිරෙන අයුරු මා දකින්නේ මේ අයුරෙනි. ඔහු තම බිරිදගේ ආදරය අර්ථ දැක්වීමට තම ඉන්ද්‍රීන්ට ගෝචර භෞතික සීමාවකට කොටු වේ. තම බිරිද ලිංගිකව හැසිරෙන්නේ තමා සමග පමණක්ය තවද ඇගේ සිරුරේ අගලක් පාසා දන්නා එකම තැනැත්තා තමා පමණක් වන බවද යන නිගමන වලට එලඹෙන පුරුෂයා තම බිරිදගේ සිරුර කෙරෙහි තමාට ඇති ලිංගික අයිතිවාසිකම මූලික කොට ගෙන ඇගේ සිතෙහි තමාට ඇති ආදරය පිලිබද නිගමන වලට එලඹේ.

නමුත් මෙම නිගමන වලට එලඹෙන ප්‍රවේශය ප්‍රශ්ණ සහගතය. මක්නිසාද යත් ආදරය වැනි ආධ්‍යාත්මික බැදීමක් තහවුරු කිරීමට ලිංගිකත්වය වැනි අතිශය භෞතික පරාමිතියක් උපයෝගී කර ගැනීම නිගමන වල නිරවද්‍යතාවය පිලිබද සැක සංකා මතු කරන බැවිනි.

එහෙත් සාමාන්‍ය පුද්ගලයන් හට මින් ඔබ්බට ගමන් කල නොහැක. ඔවුන්ගේ පැත්තෙන් මෙය සාධාරණය. මක්නිසාද යත් තම සහකාරියගේ/සහකරුගේ සිත දැන ගැනීමට ඔවුන් තුල පරචිත්ත විඥාන ඥාණය නොමැති බැවිනි.

එහෙත් මා කලින් පැවසූ සත්‍ය සිද්ධියේ සැමියා ගණිකාවක් වන තම බිරිදට සත්‍ය වශයෙන්ම ආදරය කරතැයිද, ඇයද පෙරළා ඔහුට තම දිවි දෙවැනි කොට ආලය කරන්නේ ද යැයි මොහොතකට උපකල්පනය කරමු.  එම උපකල්පනය සත්‍ය නම් ඔවුන් දෙපල සැබවින්ම සාමාන්‍ය වෛවාහකයන්ට වඩා ඉහල ආධ්‍යාත්මික තලයක සිටින්නෝ යැයි අපට පිලිගැනීමට සිදුවේ. මක්නිසාද යත් ඔවුන් තම ආදරය තහවුරු කිරීමට භෞතික බැදීම් බාධාවක් නොවුනු බැවිනි. එසේ වී නම්  එය සැබවින්ම එහි නියමාර්ථයෙන්ම දෙහදක යා වීමකි.

එසේ වී නම්  ඔවුනගේ ආදරය ලිංගිකත්වය ඉක්මවා යන්නක් වේ. තම බිරිදගේ රති මඩල වෙනත් පුරුෂයන් දහසකගේ සුසුම් වලින් නැහැවෙද්දී පවා ඇගේ අචල භක්තිය තමාට පමනක් බව සිතන පුරුෂයා එක්කෝ අන්ත මන්ද බුද්ධික මෝඩයෙකි, නැතිනම් අප ඉහත උපකල්පනය කල පරිදි ඔවුන් දෙපළ ආදරයේ භෞතික සීමාවන් ඉක්මවා ගියවුන් විය යුතුය.

බ්ලොග් එකෙන් කීයක් හරි හොයාගමුද?

සාමාන්‍යයෙන් අපි බ්ලොග් එකක් පටන්ගන්නෙ තමන්ගෙ අදහස් ලෝකයට ප්‍රකාශ කරන්නනේ. ඒක තමයි හැම බ්ලොග්කරුවෙක්ගෙම ප්‍රාථමික අරමුණ. ඒත් ඉතින්  තමන්ගෙ අදහස් ලෝකයට ප්‍රකාශ කරන ගමන්ම කීයක් හරි හොයාගන්න තියෙනවනම්, ඒකත් කොච්චර ලොකු දෙයක්ද, නේද? අන්න ඒ ගැන පොඩි විස්තර ටිකක් තමයි මම කියන්න යන්නෙ. හැබැයි ඒ ගැන පියවරෙන් පියවර විස්තර කරන්න අදහසක් නෑ. දළ අවබෝධයක් දෙන්න තමයි මේ ලිපිය ලියන්නෙ.

දැන් මගේ බ්ලොග් එක බැලුවාම ඔයගොල්ලන්ට පේනව ඇති side bar එකේ දැන්වීම් කීපයක්ම දාල තියෙනව. ඉස්සෙල්ලා බලමු Google add එකක් දාගන්නෙ කොහොමද කියල.

ඔයගොල්ලො පාවිච්චි කරන්නෙ Blogger නම් ඔය dashboard එකේ තියෙනව monetize කියල button එකක්. ඔන්න ඕක click කරල දිගටම ඒගොල්ලො කියන විදියට ගියාම Google add දාගන්න පුලුවන්. ඔය Google add වල සල්ලි හම්බවෙන්නෙ click කරන වාර ගණන අනුව තමයි. check එකක් ගෙදරට එන්න අවම වශයෙන් $100 වත් ගිණුමට එකතු වෙන්න ඕන.

Blogger පාවිච්චි නොකරන අයට Google Ad sense වලට ගිහිල්ල මේ වැඩ ටික කරගන්න පුලුවන්. හැබැයි Google account එකක් තිබීම අනිවාර්යයි.

ඊලගට ඔය monetize මෙනුව යටතෙම තියෙනව amazon associates කියල tab එකකුත්. ඔන්න ඕක දිගේ ගියාම amazon භාණ්ඩ වල photos,links අපේ ලිපි වල පළ කරවගන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි පොතක් ගැන ලියනව නම් ඒ පොතේ පිටකවරෙ පින්තූරෙ ඔය amazon add එකක් විදියට ලිපියට දැම්මාම කවුරුහරි ඔය පින්තූරෙ click කරලා amazon.com අඩවියට ගිහිල්ලා ඔය පොත order කරොත් ඒ ගනුදෙනුවෙන් 4%-7% අතර කොමිස් මුදලක් අපිට ලැබෙනව.

ඊලගට කියන්න යන්නෙ Google Affiliate Network  ගැන. මේකෙ වෙන්නෙ GAN යටතේ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ සමාගම් විශාල ගණනක් තියෙනව. ඒගොල්ලන්ගෙ adds අපේ බ්ලොග් අඩවියේ දාගන්න පුළුවන්. හුගක් ඒවයින් ලැබෙන්නෙ amazon වලදි වගේ කොමිස් මුදලක්.

 ඒ වගේම Google Analytics වල ඔයගොල්ලො ලියාපදිංචි වුනොත් ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ගෙ වෙබ් අඩවියට යන එන අය ගැන ඉතා පුළුල් විස්තරයක් ලබා ගන්න. කීදෙනෙක් ආවද,මොනවද වැඩියෙන් බලපු ලිපි, කොච්චර වෙලා හිටියද ආදී මෙකී නොකී හැම දෙයක්ම.

 දැන් ඉතින් ඔය ලින්ක්ස් දිගේ ගියාම සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙන කෙනෙකුට ඕවා කරල බලන්න පුලුවන්. හැබැයි ටිකක් වෙලා යන වැඩක්...ටිකක් කියවන්න තියෙනවා. මොකද සල්ලි සම්බන්ධ වැඩ නේ.
හැබැයි කිව්වට මොකද මට නම් තාම සතයක් වත් ඕවයින් ලැබිල නම් නෑ. හැබැයි ලැබුණ අය ගැන නම් අහල තියෙනව.

Thursday, June 17, 2010

ආවර්ජනා

මේ ගෙවිල යන්නෙ කෝරාළගෙ නිදහස් ජීවිතේ අන්තිම මාස කීපය. මොකද කෝරාළ ළගදි විස්ස විජ්ජාලෙට යනව නොවෑ. ඒත් ඉතින් බ්ලොග් කෙරුවාව නම් අතාරින්න අදහසක් තුන් හිතකවත් නෑ. ඉඩ තියෙන පුළුපුළුවන් වෙලාවට මගේ ජීවිතේ සැප දුක හැමෝම එක්ක බෙදා හදා ගන්නව.

බ්ලොග් කෙරුවාවට මම ආවෙ පෙබරවාරි මාසෙද කොහෙද, නැත්තම් මාර්තු, හරියට මතක නෑ. මුලදි ලිව්වෙ ටිකක් කවි වගේ එව්ව තමයි. පස්සෙ පස්සෙ ටිකක් සංකීර්ණ අදහස් කීපයක් ලියල දැම්මා. හොද ප්‍රතිචාරත් ලැබුණා. වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුනේ "නවක වදය" හා "ලිංගිකත්වය හා ආදරය" කියන ලිපි වලට. බ්ලොග් ලියන අය දන්නවනේ කොමෙන්ටුවක් වැටුනාම කොච්චර සතුටක් ඇතිවෙනවද කියල. ඒක ඉතින් මටත් පොදුයි.


ආහ් තව එකක්.... බ්ලොග් ලියන ගමන්ම බ්ලොග් කියවන එකත් මම කරනව. වැඩියෙන්ම බ්ලොග් කියවන්නෙ google reader වලින් තමා. මොකද මගේ තියෙන්නෙ limited package එකක් නේ. මම ආසම බ්ලොග් එක තමයි "abnormal minds". හ්ම්ම්..වැඩි විස්තර ඕන නෑ.අපි මොකටද නොමිලේ ඇඩ් දාන්නෙ. බ්ලොග් එකක් ලියන නිසාම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. RSS feed එකක් කියන්නෙ මොකද්ද, open ID එකක් කියන්නෙ මොකද්ද, google reader පාවිච්චි කරන්නෙ කොහොමද තව site එකකට adds දාන්නෙ කොහොමද වගේ ගොඩක් දේවල්.

ආහ්... මට අමතක වුනානේ. සින්ඩියටත් (සිංහල බ්ලොග් කියවනය ) පොඩි thanx පාරක් දාන්න ඕන.මොකද අපේ බ්ලොග් එක ලෝකෙට ගෙනියන්නෙ ඒ ගොල්ලො නේ. ඒක ලොකු දෙයක්. නැත්තන් ඉතින් අහසෙ තරු ගාණට තියෙන බ්ලොග් කන්දරාව අස්සෙ අපේ බ්ලොග් එක කොහොම හොයාගන්න කියලද?

 ආහ්.. ඊයෙ මම shaving cream එකක් ගත්තා.මෙච්චර කල් රැවුල කැපුවෙ සබන් ගාලා. දැන් ඉතින් අලුත් වෙන්න ඕනනේ. අනික මං ලගදි TV එකේ add එකක් දැක්කා, shaving cream ගාල රැවුල කපපු පිරිමියෙක්ගෙ පස්සෙන් කෙල්ලො රෑනක් එනව. කියන්න බෑනෙ මගේ පස්සෙනුත් ආවොත්. ඔන්න ආපුදෙන් කියල මාත් එකක් ගත්තා.

මං ගැන නම් කියන්න දෙයක් නෑ. අවුරුදු 20 මාස ගාණක් වයස සාමාන්‍ය කොල්ලෙක්. පසුතැවිලි නොවන ලෙස ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව. එහෙනම් ගිහින් එන්නම්. ආයුබෝවේවා

Wednesday, June 16, 2010

ඊර්ෂ්‍යාව

Overcoming Jealousy and Possessivenessඊර්ෂ්‍යාව මිනිස් සන්තානයේ ලැගුම් ගත් විකෘති හැගුම් සමුදායකි. එය පැසවමින් තිබෙන ලෝදිය වැනිය. ඊර්ෂ්‍යාවෙන් පෙළන ලද තැනැත්තෙක් හට හරිහැටි නින්දක් නැත. කන බොන දෙයක් ඇගට අල්ලන්නේ නැත. ශරීරය කෘෂ වේ. අවසානයේදී ඊර්ෂ්‍යාව නැමති ගින්න විසින් ඔහුව දවා හළු කරනු ලැබේ.

මේ ඊර්ෂ්‍යාවේ යථා ස්වභාවයයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව මෙම විරූපී යක්ෂයා සැම දෙනා තුලම අඩු වැඩි වශයෙන් පවතී.

ඊර්ෂ්‍යාව නිසා අනුන්ට වන හානියක් නොමැත. හානිය, වේදනාව තමන්ටමය. එහි කෙළවර වන්නේ ශාරීරික හෝ මානසික ආබාධයකි. ඊර්ෂ්‍යාව හමුවේ මිනිස් සිතේ තර්කණය හෙවත් හේතු යුක්ත බව නැති වී යයි. එහි ප්‍රතිඵලය ඊර්ෂ්‍යාව වෛරයක් බවට පෙරලීමයි.

සමහර ආදරවන්තයන් තම පෙම්වතිය වෙනත් පිරිමියෙකු හා කතා කරනවාටත් අකමැතිය. තවත් සමහරුන් තමා ආදරය කරන තැනත්තිය තමාට පෙරළා ආදරය නොකරන විට වේදනාවට පත් වේ. ඔහුගේ සිත තුල ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවක් හට ගනී. ඇයට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතයි.  ඊර්ෂ්‍යාව වෛරයකට පෙරළේ. මෙවිට ඇයට තම ආදරය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු අයිතියක් නැතැයි සිතන්නට පටන් ගනී. තමා ප්‍රතික්ෂේප වන්නට සාධාරණ හේතු ඇයට නැතැ යි සිතයි.

නමුත් ඇත්තටම ඔබ යම් අයෙකුට ආදරය කරන්නේ නම් ඔහුගේ/ඇයගේ තීරණය ඔබ ප්‍රශ්ණ නොකල යුතුය. ඇයට/ඔහුට තම ජීවන සහකරු/සහකාරිය තෝරා ගැනීමට පූර්ණ නිදහස තිබිය යුතුය. කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිත පාලනය කිරීමට අයිතියක් නැත. ස්වාමිපුර්ෂයාට වුවත් තම බිරිදගේ ජීවිතය පාලනය කිරීමේ අයිතියක් නැත. එය සාධාරණ නොවේ.

ඊර්ෂ්‍යාව පිලිබද පර්යේෂණ කරන මනෝ විද්‍යාඥයන් පවසන්නේ, ගැහැණු සහ පිරිමින්ගේ ඊර්ෂ්‍යාවේ ස්වභාවය පිලිබද වෙනස්කම්, පරිනාමික බලපෑමක් මත සිදු වූ බවයි.

උදාහරණයක් ලෙස පිරිමින් තම සහකාරියගේ ලිංගික පක්ෂපාත භාවය පිලිබද, හැගීම් වල පක්ෂපාත භාවයට වඩා වැඩියෙන් සැලකිලිමත් වේ. එනම් ඔහුට වඩා වැදගත් වන්නේ ගැහැණිය තමා හා පමණක් ලිංගිකව එක්වන්නේද නැද්ද යන්න පමණි. ඇය සිතින් වෙනකෙකුට ලැදියාවක් දැක්වීම ඔහුට වැදගත් වන්නේ අඩුවෙනි.
අනික් අතට ගැහැණිය තම ආදරවන්තයාගේ හැගීම් හා සිතුවිලි කෙරෙහි වඩා සැලකිලිමත් වේ. ඇයට ඔහුගේ සම්පූර්න ආදරය අවශ්‍යය. ලිංගිකත්වය කෙරෙහි ඇගේ අවධානය සාපේක්ෂ්ව අඩුය. එනම් ඔහු සිතින් වෙන ලදක් ප්‍රිය කරන්නේ නම් ඇය ඊර්ෂ්‍යාවෙන් පුපුරයි.

මෙයට හේතු තිබේ. පරිනාමිකව පිරිමියාට වඩාත් වැදගත් වන්නේ තම ජනිතයන් තමාගේද නැද්ද යන්න යි. ඔහුට පිටස්තර ජාන ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නැත. තම ගැහැණිය වෙනත් පුරුෂයෙකු හා ලිංගිකව හැසිරුනහොත් ඔහුට දරුවන් තමාගේම ජනිතයන් දැයි සැකයක් ඇති වීම සාධාරනය. ඔහුට ඊර්ෂ්‍යාව ඇති වන්නේ මෙම පදනම මතය.

අනෙක් අතට ගැහැණිය තමා බිහිකල දරුවන් තමාගේ බව හොදාකාරවම දනී. දරුවන්ගේ පියාද ඇය දන්න නිසා තමාගේ ජනිතයන් කවුරුන් දැයි ඇයට ගැටලුවක් නැත. ඇයට වැදගත් වන්නේ තමා හා තම ජනිතයන් රැක බලා ගන්නා පිරිමියා හා ඇති ච්ත්තවේගී (emotional) සබදතාවය පවත්වාගැනීමයි. වෙනත් ගැහැණියක් ඒ අතරට පැමිනියහොත් තමාට ලැබෙන රැකවරණය අහිමි වීම ගැහැණියගේ ඊර්ෂ්‍යාවට පදනමයි.

පරිනාමිකව කෙසේ වෙතත් හැම ආකාරයකින්ම ඊර්ෂ්‍යාව හානිදායකය. එම නිසා හැකි තරම් එවැනි හැගීම් වලින් තොරව ජීවත් වීම කාට කාටත් හොදය.

Tuesday, June 15, 2010

මනස හා මොළය

The Mind and the Brain: Neuroplasticity and the Power of Mental Forceමනස හා මොළය අතර සම්බන්ධය එදා මෙන්ම අදත් විද්‍යාඥයන් හා චින්තකයන් අතර සංවාදයන්ට හා පර්යේෂණයන්ට තුඩු දුන් හා තුඩු දෙන සජීවී සාකච්ඡාවකි.

මෙම සම්බන්ධය පැහැදිලි කිරීම සදහා විවිධ වාදයන් ඉදිරිපත් කෙරී ඇත. මුල් කාලීනව පැවති මතයක් වූයේ සිතුවිලි යනු ද්‍රව්‍යමය දෙයක් වන අතර අක්මාවෙන් පිත ස්‍රාවය වන්නා සේ මොළයෙන් සිතුවිලි ස්‍රාවය වන බවයි.
තවත් පිරිසකගේ මතය වූයේ මොළයේ ක්‍රියාකාරීත්වය හා මනසේ ක්‍රියාකාරීත්වය එකිනෙකින් වෙනස් ශක්තීන් ප්‍රභේද දෙකක් වන අතරම ඒවා එකිනෙක හා සමාන්තරව ක්‍රියාකරන බවයි.
තවත් චින්තකයන් පිරිසකගේ අදහස වූයේ මනස යනු වෙනමම වූ ආධ්‍යාත්මික දෙයක් බවත් එය ප්‍රකාශ වන්නේ මොළය හරහා බවත්ය. ඔවුන් එය සංගීතඥයෙකු වයලීනයක තත් කම්පනයෙන් තම ආත්ම ප්‍රකාශනයට සමාන කොට දැක්වීය.

නූතන වෛද්‍ය විද්‍යාත්මක මතයට අනුව; මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයකි. එනම් මොළය තුල සිදුවන විද්‍යුත්-රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් සිතුවිලි පහල වන බවයි.

කෙසේ මුත් පර්යේෂණ ඇසුරින් ඔප්පු වී ඇති කරුණක් නම්; මොළය මගින් මනසටත්, මනස මගින් මොළයටත් ඒ හරහා මුලු ශරීරයටත් යන දෙදිශාවටම බලපෑම් කිරීමේ හැකියාවයි.
උදාහරණයක් වශයෙන් යම් රෝගී තත්වයක් නිසා මොළයට සැපයෙන රුධිර ප්‍රමාණය අඩුවීමක් සිදු වුවහොත් එය විශාදය (depression) ලෙස ප්‍රකාශ විය හැකිය. තවද මොළය මත තෙරපුමක් ඇති කරන අර්බුද (tumour) නිසා පුද්ගල චර්යාවේ අසාමාන්‍ය වෙනස්කම් සිදුවන බවත් එම අර්බුදය ඉවත් කල විට තත්වය සාමාන්‍ය අතට හැරෙන බවත් නිරීක්ෂණය කොට ඇත. තවද සමහර මානසික රෝගීන්ගේ අධික කාංසා තත්වයන්, මොළයේ ඉදිරිපස කොටස් සම්බන්ධ කරන ස්නායු තන්තු කපා දැමීමෙන් සුව කල හැකිය.

එසේම සධනීය සිතුවිලි සන්නිවේදනය මගින් අපගේ සිරුරේ වර්ණය පැහැපත් වන බවත්, නිතර බුද්ධිමය ව්‍යායාමයන්හි නිරත වීමෙන් මොළයේ ස්නායු අතර සම්බන්ධතා වැඩිවන බවත් සොයාගෙන ඇත.

මනස හා මොළය අතර අන්තර්ක්‍රියාකරීත්වය තබා එම පද්ධති දෙක පිලිබදවත් අපට තවමත් හරිහැටි අවබෝධයක් නොමැත. මොළය යනු විශ්වයේ ඇති සංකීර්ණතම  පද්ධතියක් සේ සැලකේ. එහි සැගවුනු රහස් බොහෝ වේ. සමහර විට විද්‍යාවට යා හැකි දුර සීමාසහිත වන්නට පුළුවන. එතැන් සිට එළඹෙන සීමාවන් තරනයට බුදු දහම පිටිවහලක් වන බව මගේ හැගීමයි.

Saturday, June 12, 2010

ආදරය හා ලිංගිකත්වය ( on the basis of lady chatterly's lover)

Lady Chatterly's LoverLady Chatterly's Lover යනු බ්‍රිතාන්‍ය ගත් කතුවර D.H Lawrence විසින් රචනා කල කෘතියකි. මෙමගින් සාකච්ඡාවට බදුන් කෙරෙනුයේ මිනිසාගේ ලිංගික අවශ්‍යතාවයන් හා සමාජ සම්මතයන් අතර ඇතිවන නිරන්තර ඝට්ටනයයි.

මෙහි කතා නායිකාව වන Constance (Lady Chatterly) ආදර සබදතාවයක් මත තරුණ හමුදා නිලධාරියෙකු (Clifford Chatterly) හා විවාහ වේ. වැඩි කලක් යන්නට මත්තෙන් තරුණ නිලධාරියාට යුධ බිමට පිවිසීමට සිදුවේ. යුධ බිමේදී දරුණු ලෙස තුවාල ලබන ඔහු නැවත තම බිරිද හමුවට පැමිණෙනුයේ ඉනෙන් පහල අක්‍රීය ලිංගික බෙලහීනයෙකු ලෙසය.

තම සැමියාගේ ලිංගික අප්‍රාණිකත්වය නො එසේ නම්, තමාගේ ලිංගික අවශ්‍යතා සන්තර්පණය කිරීමට ඔහුට ඇති නොහැකියාව මත කතා නායිකාව තුල ගොඩනැගෙන ලිංගික නොසන්සුන් බව,කතුවරයා පාඨකයා හමුවට ගෙනෙනුයේ ඇගේ ස්වයංවින්දන චර්යාව නිරූපනය මගිනි. එයිනුදු තෘප්තිමත් නොවන ඈ තම ගෙවත්තේ උයන්පල්ලා (Oliver Mellors) හා ලිංගිකව එක්වීම සිදුවේ. එක් අවස්ථාවක උයන්පල්ලා නිරුවතින් දියනාමින් සිටින විට හොරෙන් ඒ දෙස බලා සිටින ආර්යාව ඔහු හා සිතින් රමණය කරන අතර පසුව ඈ එම දර්ශනය සිහිකරමින් ස්වයං වින්දනයේ යෙදීමෙන් ලිංගික තෘප්තියක් ලබයි.

උයන්පල්ලා එක් අවස්ථාවකදී රති කෙලියෙන් පසුව කතා නායිකාවගේ තන පුඩු හා රති රෝම පෙදෙස මලින් සරසන්නේ, පිරිමියෙකුගේ ප්‍රමුඛ කාර්ය ඉගියෙන් සංකේතවත් කරමිනි.

මෙම ලිංගික අවශ්‍යතාවය මත ගොඩනැගුනු සරාගී සබදතාවය කෙතරම් ප්‍රබල වීද යත් අවසානයේ ඈ තම ආදරබර අබ්බගාත සැමියා හා සියලු සැප සම්පත් හැරපියා උයන්පල්ලා නිසා පිලිසිදගත් දරුවා තම කුස තුල හොවා ගෙන ඔහු හා වාසය තෝරාගනී.

මිනිසාගේ පැවැත්මට ප්‍රධානව අවශ්‍ය වන්නේ ආහාර,ආරක්ෂාව හා ලිංගික තෘප්තියයි. මෙම සාධක සපුරාගැනීමට මිනිසා පොලඹවන ප්‍රාථමික හැගීම් වන බඩගින්න,භය හා කාමාශාව යටපත් කිරීම නිෂ්ඵල බවත් ලිංගිකත්වය යටපත් කිරීමට සමාජ සම්මතයන් අපොහොසත් බවත් කෘතියෙන් ගම්‍යමාන වේ.

මෙම ප්‍රාථමික අවශ්‍යතා සපුරාගැනීම උදෙසා ඇතිවන බැදීම් ඉතාමත් ප්‍රභලය. එවා අනෙක් සියලු බැදීම් හමුවෙ ප්‍රමුඛ වේ. විවාහයක් සාර්ථක කර ගැනීමට ආදරය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ලිංගිකත්වය ඒ තුල අත්‍යවශ්‍ය හා ප්‍රමුඛ මෙහෙවරක් පසු කාලීනව ඉටු කරන බවත් මෙයින් ගම්‍ය වේ. මා නම් දකින්නේ හුදෙක් අඹු සැමි  ආදරය යනු ලිංගික උවමනාවන් සාක්ෂාත් කරගැනීමේ පාලමක් බවයි. එනම් ප්‍රමුක වන්නේ ආදරය නොව ලිංගිකත්වය බවයි.

තවද මිනිසා සමාජීයව කෙතරම් දියුණු වූවත් එයට සරිලන සේ කායික පරිනාමයක් සිදු වී නොමැති බවත්, මුල් යුගයේ ගෝත්‍රික සත්වයා හා නූතන මානවයා අතර මූලික අවශ්‍යතා පාලනය අතින් වැඩි වෙනසක් නොමැති බවත් මෙම කෘතියෙන් කියවේ. එනම් ලිංගික ආශාව සමාජ සම්මතය හමුවේ සැගවිය හැකි වුවත් වැලලිය හැකි නොවේ.

Monday, June 7, 2010

නවක වධය

ඉහල පන්ති වල හෙද සිසුන් පිරිසක් නවක හෙද සිසුවිය වට කර ගති. ඇය ඉදිරිපිට කුසගිනි නිවාගැනීම සදහා වූ දහවල් බත් පත විය. වධකයන් ඇගේ බත් පත සම්පූර්ණයෙන්ම වැසෙන සේ කෙළ ගැසූහ. "හා දැන් කාපන්" ‍යැයි අණ කලහ. ඈ එය ප්‍රතික්ෂේප කල විට, ඇගේ කෙස් වැටියෙන් අල්ලා මුහුණ බත් පතේ ඔබා ඇයට බලහත්කාරයෙන් කෙල වලින් බරිත වූ බත් පත ගිල්ලවීය. පිළිකුල දරාගත නොහැකි තැන වමනය කල ඈ ඉන් පසු රෝහල් ගත කෙරිණි.

මෙය ප්‍රබන්ධයක් නොවේ. සත්‍ය සිද්ධියකි. ශිෂ්ඨ සම්පන්න ලාංකීය සමාජයේ වනචාරී පැතිකඩකි. දුරාතීතයේ, එනම් ගෝත්‍රික සමාජයේ පැවති සිරිතක් වූයේ තම ගෝත්‍රයට වැඩිහිටියෙක් ලෙස ඇතුලු වන පුද්ගලයෙකු වධයට පත් කිරීමයි. ඔහු ගෝත්‍රයේ සාමාජිකයෙකු ලෙස පිලිගැනුනේ මෙම වධයට භාජනය කිරීමෙන් පසුවය. මෙම ම්ලේච්ඡ චාරිත්‍රය නූතන ශිෂ්‍ය ප්‍රජාව තුල නවක වධය ලෙස මුල් බැසගෙන ඇත.

මීට අවුරුදු කීපයකට පෙර සිදු වූ සීද්ධියක් විස්තර කරනු කැමැත්තෙමි. මෙය එකල ජනමාධ්‍ය තුල රාව ප්‍රතිරාව දුන් අනුවේදනීය සිද්ධියක් විය. නවක සරසවි ශිෂ්‍යාවක් වූ ඇය නවක වධයට බදුන් වීම ප්‍රතික්ෂේප කලාය. වධකයන් ඇගේ නේවාසිකාගාර කුටියට බලෙන් ඇතුලු වීමට යත්න දරද්දී මේ අහිංසක කෙල්ල මහල් ගොඩනැගිල්ලක් වූ නේවාසිකාගාර ජනේලයෙන් බිමට පැන්නාය. එය ඇගේ ජීවිතය අබල කල පිම්මක් විය. සුෂුම්නාවට සිදු වූ හානි නිසාවෙන් සදහටම ඇගේ පහල ගාත්‍රා අප්‍රාණික විය.

මෙම නවක වධය දෙනවුන් (වධකයන්) මානසික රෝග වලින් පෙලෙන්නවුන්ය. වඩාත් සුලභ පරපීඩා කාමුකත්වයයි. එහි ප්‍රතිවිරුද්ධ ආකාරය ස්වපීඩා කාමුකත්වයයි. කොළඹට ආසන්න නගරයක විශේෂිත වූ ගණිකා නිවාස කීපයක් ඇත. මේවයේ රු.1000 දුන් විට අදාල පුද්ගලයාට කාන්තාවක් නිරුවත් කර කසයකින් සිත් සේ පහර දීමට හැකිය. ගණිකාව විදින වේදනාව වින්දනය කරමින් ඔහු සුරතාන්තයට ලගා වේ.  මොවුනට සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් ලිංගික ඇසුරකින් තෘප්තිමත් නොවිය හැකි අතර, තවත් කෙනෙකු පීඩාවට පත් කර තම අස්වාභාවික මනදොළ සපුරා ගනී. ස්වපීඩා කාමුකයින් ට රු.1000 දී නිරුවත් කාන්තාවක් ලවා තමන්ට කස පහර ගස්සවාගත හැකිය. ඔහු ලිංගිකව අවදි වන්නේ ඒ අයුරෙනි.

නිවැරදි ලෙස නම් සිදුවිය යුත්තේ මෙම වධකයන් හදුනාගෙන ඔවුන් ප්‍රතිකාර සදහා මානසික රෝග පිලිබද වෛද්‍යවරයෙකුට යොමු කිරීමයි. මෙවන් අස්වාභාවික, විකෘති මානසිකත්වයන් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල වැනි දැනුම, ආකල්ප, කුසලතා හා හැදියාව උසස් තලයක ඇතැයි අපේක්ෂා කරන ස්ථාන වලට කිසිසේත්ම උචිත නොවේ.

මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වූ මානසික රෝග පිලිබද විශේෂඥ්‍ය වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කලේ නවක වධය නිසා රෝගී වන විශ්ව විද්‍යාල ළමුන් දෙදෙනෙකුවත් අඩුමතරමේ සතියකට තම හමුවට පැමිනෙණ බවයි. සමහර දක්ෂ ළමුන් විශ්ව විද්‍යාල ගමනට ආයුබොවන් කියනුයේ මෙම නවක වදයට මුහුන දීමට නොහැකි බැවිනි. ඒ අහිංසක ළමුන් අත වරදක් නැත. කොහොමත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන් හට වනචාරී ම්ලේච්ඡයන් සමග ජීවත් විය නොහැක. එක්කෝ වනචාරීන් ශිෂ්ඨ විය යුතුය, නො එසේ නම් උන් එලවා දැමිය යුතුය. මා නම් යෝජනා කරන්නේ මේ තක්කඩියන් විශ්ව විද්‍යාල පද්ධතියෙන් නෙරපා දැමිය යුතු බවයි.

මෙම ම්ලේච්ඡ ක්‍රියාව වහාම නැවැත්වීමට බලධාරීන් වහාම පියවර ගත යුතුය. එසේ නොවුනහොත් තවත් අහිංසකයන් ගණනාවකගේ ජීවිත අදුරු විය හකිය.

Sunday, June 6, 2010

වෘත්තීයකරණය වූ අධ්‍යාපනය

උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙකුගෙන් ඔබ ඉගෙන ගන්නේ කුමන අරමුණක් වෙනුවෙන්දැ යි විමසුවහොත්, බොහෝ ශිෂ්‍යයන් පිළිතුරු දෙනු ඇත්තේ, වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු හෝ නීතීඥයෙකු හෝ තමන් ප්‍රිය කරන අනාගත වෘත්තිකයෙකු වීමට තමන් ඉගෙනගන්නා බවයි.
මා සිතන ආකාරයට මෙම අරමුණ ද්විතීයික අරමුණකි. මාගේ ආකල්පය නම් උසස්පෙළ් සිසුවකුගේ ප්‍රාථමික අරමුණ විය යුත්තේ තමා ප්‍රිය කරන විෂය උපරිමයෙන් රසවිදීමට අවැසි දැනුම ලබා ගැනීමයි. එම විෂය කලා ද වානිජ ද නැත්නම් විද්‍යා ද යන්න ගැටලුවක් නොවේ. අවශ්‍ය වන්නේ තමා ගේ මොළය හා හදවත යා කළ හැකි විෂය තෝරා ගැනීමයි. එහිදී ආකර්ශනීය වෘත්තීන් යන සාධකය සමීකරණයෙන් ඉවත් විය යුතුය.
මා අදහස් කරන්නේ ශිෂ්‍යයා තම විෂය උපරිමයෙන් රසවිදින්නෙක් විය යුතු අතර, ලෙඩේ සුව වීමට බොන තිත්ත බෙහෙත් මෙන් තම විෂය තෝරා නොගත යුතු බවයි. නමුත් අද විවිධ සමාජ බලවේග මගින් ශිෂ්‍යයන්ට බලකෙරී ඇත්තේ ආකර්ශනීය වෘත්තීන්ට කෙසේ හෝ පිවිසීම සදහා තමන් නොකැමති විෂයන් තිත්ත බෙහෙත් බොන්නාක් මෙන් මොළගත කිරීමට ය.
මෙහිදී සාර්ථක වන ශිෂ්‍යයන් ප්‍රමාණය ඉතා සුලු පිරිසකි. එයට කදිම උදාහරණය වන්නේ උසස්පෙළ වාර්ෂිකව අසමත් වන ශිෂ්‍ය සංඛ්‍යාවයි. විශේෂයෙන්ම වාර්ෂිකව විද්‍යා විෂයන්ට පෙනී සිටින ශිෂ්‍යයන්ගෙන් හරි අඩක් පමණ විභාගයෙන් අසමත් වේ. මෙයට බලපාන එකම හේතුව නොදිරවන විෂයයන් හැදෑරීම යැයි මම නොකියමි. නමුත් එය ප්‍රධාන වන බව මගේ හැගීමයි.
උදාහරණයක්  වශයෙන් මාගේ යහලුවෙකු උසස්පෙල විභාගය ඉතා ඉහලින් ගණිත අංශයෙන් සමත් වී ඉංජිනේරු පීඨයට ඇතුලත් වනු වෙනුවට භෞතික විද්‍යාව හැදෑරීමට තීරනය කල විට අනෙකුත් යහලුවන් පුදුම විය. එය ඔවුනට අරුමයක් විය. මක්නිසාද යත් ඔවුන් ඉගෙනගන්නේ දැනුමට ආසාවෙන් නොව රැකියාවට ආසාවෙන් නිසාය. තවද ඉහත තීරණය ගැනීමට ඔහුට තිබු ආත්ම විශ්වාසය අනෙකුත් බොහෝ සිසුන්ට නැත.
තමුන් ඉගෙනගන්නා වු විෂය ප්‍රියකරන්නා එය රසවිදින්නා විෂයට පෙම් බදින්නෙක් මිස එම විෂය පාලමක් කරගන්නා වු වෘත්තියත් සමග පෙම් බදින්නෙක් නොවිය යුතු බව මගේ හැගීමයි. යමෙකු ආසාවෙන් තමන් ප්‍රිය කරන විෂයක් හදාරයි ද ඔහු එම විෂයෙන් යා හැකි ඉහලම වෘත්තියට නිසගයෙන්ම ලගා වන බව මගේ විශ්වාසයයි.

Wednesday, June 2, 2010

සක්විති රජකම අතැහැරීම.....

ජීවන ගමන් මගේ අවුරුදු විස්සක් අවසානය. මනුස්ස ආත්මභාවයක උප්පත්තිය ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වැනි යැයි බුදු දහමේ සදහන්ය. එවන් වු මනුස්ස ආත්මභාවයක කිසිදු ශාරීරික හෝ මානසික විකල බවකින් තොරව මා මීට අවුරුදු විස්සකට පෙර උපත ලැබීය. එම අගනා මනුස්ස ආත්මභාවය ලබාගැනීමට මා පෙර ආත්මභවයන් හීදී කල කැපකිරීම් බුදු දහමට අනුව අප්‍රමාණ වේ. කෙසේ හෝ මා එම විරල භාග්‍යට හිමිකම් දැරුවෙමි.

එහෙත් මා මෙම අවුරුදු විස්සට සපුරාගෙන ඇත්තේ කුමක්ද? මා O/L හා A/L විභාගයන් ඉහලින් සමත් වීමි. තවද විශ්ව විද්‍යාල අධ්‍යාපනයටද වරම් ලදිමි. එහෙත් මා ඊළග මිනිත්තුවේදී මියගියහොත්,මාගේ අගනා වටිනා මනුස්ස ජීවිතයේ අවුරුදු විස්සක් කඹුරා මා සපුරාගත් ඉහලම ඉලක්කය A/L වනු ඇත. A/L සමත් වනු පිණිස මා මෙම දුර්ලභ මනුස්ස ජීවිතය ලදිමියි නොසිතමි.

සිතන්න මා අඩුම තරමේ තවත් අවුරුදු තිහක් ජීවත් වූවා කියා. හදිසි කායික හෝ මානසික ආබාධයකට ලක් නොවුනහොත් සියල්ල හොදින් වේ යැයි පූර්ව උපකල්පනයක් කලහොත්; මා විශ්ව විද්‍යාලයට ඇතුලත් වනු ඇත, අවුරුදු හයක විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වෛද්‍යවරයෙකු ලෙස සමාජ මෙහෙවර ආරම්භ කරනු ඇත. අවුරුදු විස්සකට ආසන්න කාලයක් ගිලනුන්ට උපස්ථාන කොට මිය යනු ඇත.

එසේ වුවහොත් මා මේ දුර්ලභ මනුස්ස ආත්මභාවය ලබාගන්නේ සමාජයට මෙහෙවර කරනු පිණිස ද? ඉතා දුකසේ ලබාගත් මනුස්ස ආත්මභාවය අනුනගේ යහපත වෙනුවෙන් කැප කිරීම ගැටලුවක් නොවූවත් මා වෙනුවෙන් මා ඉටුකලයුතු දෑ කුමක්ද ? මා සපුරාගත යුතු ඉලක්කය කුමක්ද?

මෙම දුර්ලභ මනුස්ස ආත්මභාවය නැවත වරක් නොලැබීමට ඉඩ ඇත. කොහි සිට පැමිණියෙම්දැයි නොදන්නා මා කොයිබට යාවිදැයි ද නොදනිමි.

සපුරාගත යුතු ඉලක්කය මා දන්නා බව බෞද්ධයෙකු වශයෙන් විශ්වාස කරමි. එය සපුරා ගැනීම කෙසේ වෙතත් අඩුම තරමේ උත්සාහවත් විය යුතු බවත් මා දනිමි. එහෙත් එම ප්‍රාථමික ඉලක්කය සපුරාගනු වස් අවශේෂ දෑ කැප කිරීමට මෙම සමාජ වටපිටාව මට ඉඩ නොදෙයි. මේ සියල්ල සුලගට විසිකල හැකි නම්........ සක්විති රජකම අතැහැරීම කෙතරම් දුෂ්කරද?

Tuesday, June 1, 2010

බුද්ධිය ????

බල්ලාට ඇති ඉව අපට තිබේද
ඌට ඇසෙන හඩ අපට ඇසේද
උකුස්සාට පෙනෙන දුර අපට පෙනේද
මිනිසුනි
එසේ නම් ඇයි සිතන්නේ
අප සියල්ල දන්නවුන් කියා
නො එසේ නම්
දැනගැනීමට සුදුස්සන් කියා
බල්ලාට දැනෙන ඉව සීමාසහිත වේද
ඌට ඇසෙන හඩ සීමාසහිත වේද
උකුස්සාට පෙනෙන දුර සීමාසහිත වේද
එසේම අප බුද්ධියද සීමාසහිත වේ
කෙතරම් අනුවණ කමක්ද
අපට ගෝචර නොවන දෑ
මේ සක්වළ අනන්තය
විශ්ව විෂය අචින්ත්‍යය
පිලිගනු
සියල්ල විද්‍යාත්මක නොවන බැව්
සමහර මිත්‍යාවන්
විද්‍යාත්මක බැව්
සත්‍ය සැම විටම
අනාවරණය නොවන බැව්........        
පෙනෙන දෑට සාපේක්ෂව නොපෙනෙන දෑ මහත්ය.....            

Saturday, May 29, 2010

ඇබැද්දිය

මාර වැඩක් තමා වුනේ. ඔයාල දන්නවනෙ සමහර බ්ලොග්ස් වල template  එක blogger වලින් දෙන ඒවට වඩා වෙනස් නේ. ඉතින් මටත් හිතුනා මගේ බ්ලොග් එකටත් ලස්සන template එකක් දාගන්න. ඔන්න ඉතින් search කරල ලස්සන template එකක් හොයාගත්තයි කියමුකෝ. මම ඉතින් මේ cyber  space එකට ආධුනිකයි නෙ. ඉතින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ template එක add කරා. ඒත් මට ඕන සමහර widgets ඒ template එකේ තිබුනෙ නෑ. ඉතින් ආපහු ඉස්සෙල්ල තිබුන template එකට මාරු වුනා. එතකොට තමයි තරු පෙනුනෙ. ඒක use කරාට එකේ සමහර widgets වැඩ කරන්නෙ නෑ. පස්සෙ දන්න හැම සෙල්ලමක් ම දාල බැලුව. ඒත් හරිගියේ නෑ. මම දෙන අවවාදය තමයි ඔය HTML code වෙනස් කරන්න ඉස්සෙල්ල ඒව download කරගන්න කියන එක. නැත්තම් මාර කට්ටක් තමා කන්න වෙන්නෙ.

ඔයලට ලස්සන template ඕනනම් මෙතන කොටන්න.

කරන්න ඕන මෙච්චරයි.

1.ඕන කරන template එක download කරගන්න.
2.ඔය download කරපු file එක තියෙන්නෙ zip file එකක් විදියට. ඒක නිසා ඒක extract කරගන්න.
3.ඊට පස්සෙ blogger dashboard එකට ගිහිල්ලා එතනින් > layout > edit HTML යන්න.
4.දැන් තියෙන template එක ඉස්සෙල්ල download කරගන්න.
5.දැන් අර අලුත් template එක open කරල upload කරන්න.
6.කොහොමද බඩු වැඩ නේ.
ඔන්න මමත් හාපුරා කියලා..සින්ඩියට add වුනා. මාර happy මුලින් try එකක් දුන්නට හරි ගියේ නෑ. මම කඩ්ඩත් පොඩ්ඩක් පාවිච්චි කරනවනෙ, ඒක නිසා සිංහල RSS feed එකක් දාගන්න වුනා. ඕක දාගන්න හෙන ගේමක් දුන්නා. මට මුලින් තේරුනේ නෑ මොකද්ද මේ gadjet එක කියල. පස්සෙ ශාකුන්තල එවපු mail එකෙන් තමා වැඩේ තේරුනේ. ඔන්න එහෙනම් මගේ බ්ලොග් එකත් ඉදල හිටල කියවන්න.....

Friday, May 21, 2010

තරුවක් විසින් ග්‍රහයෙක් ආහාරයට ගැනීම

මේක පලවුනේ නාසා වෙබ් අඩවියේ.....මේ ග්‍රහයා එහි මවු තාරකාවට ඉතා සමීපව පිහිටීම තමයි මේකට හේතුව. මේ නිසා ග්‍රහයා ඉතා අධික උෂ්ණත්වයක තමා තියෙන්නෙ. මේ ග්‍රහයා මත බලපවත්වන අධික ගුරුත්ව බලය නිසා මේ ග්‍රහයාගෙ ද්‍රව්‍ය අර තරුව විසින් ඇදල ගන්නව...විද්‍යඥයො අනුමාන කරනව තව අවුරුදු මිලියන 10,000 කින් මේ ග්‍රහයා තරුව විසින් මුලුමනින්ම කාලා දාවි කියලා.

සූර්ය කෝෂයක ක්‍රියාකාරීත්වය



සූර්ය කෝෂ මගින් සූර්ය ශක්තිය විද්යුත් ශක්තිය බවට පෙරලන අතර, මේ සදහා භාවිතා වන මූලධර්මය වන්නේ ප්‍රකාශ විද්යුත් ආචරණයයි. ප්‍රකාශ විද්යුත් ආචරනය යනු ආලෝකය හමුවේ ද්‍රව්‍ය මගින් ඉලෙක්ට්‍රෝන මුක්ත කිරීමේ හැකියාවයි. මෙම සූර්ය කෝෂ ගණක යන්ත්‍ර වල සිට චන්ද්‍රිකා දක්වා විශාල පරාසයක භාවිතයට ගැනේ.

සිලිකන් යන අර්ධ සන්නායකය ප්‍රකාශ විද්යුත් කෝෂ වල ප්‍රධාන සංඝටකයකි. අර්ධ සන්නායකයක ඇති විශේෂත්වය නම් ඒවාට ලෝහ සහ විද්යුත් පරිවාරක යන දෙවිදියටම හැසිරීමට ඇති හැකියාවයි. ප්‍රකාශ විද්යුත් කෝෂයක් මතට ආලෝකය වැටුනු විට සිදු වනුයේ කුමක්ද?

හිරුගෙන් නිකුත් වන විකිරණ (ආලෝකය ඇතුලුව ) සෑදී ඇත්තේ ඉතා කුඩා ෆෝටෝන වලිනි. මෙම ෆෝටෝන සිලිකන් පරමාණු හා ඝට්ටනය වීමේ ප්‍රතිඵලයක් ලෙස සිලිකන් පරමාණු වල ලිහිල්වම බැදී ඇති ඉලෙක්ට්‍රෝන නිදහස් වීම සිදුවේ. මෙහිදී සිදුවන්නේ ෆෝටෝන වල ශක්තිය ඉලෙක්ට්‍රෝන වලට මාරු කිරීමයි.

ඉන්පසු මෙම මුක්ත ඉලෙක්ට්‍රෝන විද්යුත් ධාරාවක් බවට සකසා ගත යුතුය. එය සිදු කරනුයේ කෝෂය තුල විද්යුත් අසමතුලිත බවක් ඇති කිරීමෙනි. එය ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගමන් කරවීම සදහා උපකාරී වන බෑවුමක් වැනිය.

මෙම අසමතුලිත බව ඇති කරගනුයේ සිලිකන් වල අභ්‍යන්තරයේ සිදු කරන වෙනස්කමක් මගිනි. සිලිකන් පරමානු දැලිසක් ලෙස සකස් වී ඇත. දැලිසක් යනු පරමානු ඉතා තදින් බැදි ව්‍යුහයකි. මෙම ව්‍යුහයට වෙනත් මූලද්‍රව්‍ය ඉතා සුලු ප්‍රමාණ වලින් එක් කිරීමෙන් වර්ග 2 ක ව්‍යුහයන් සාදා ගනී. එවා n-type ( ඉලෙක්ට්‍රොන අතිරික්තයක් ඇති ) හා p-type ( ඉලෙක්ට්‍රෝන අඩු,ඒ වෙනුවට කුහර ඇති ) වේ.

මෙම වර්ග දෙක සූර්ය කෝෂයක් තුලදී එක් කල විට n-type හි අමතර ඉලෙක්ට්‍රෝන p-type ඇති කුහර පිරවීමට මාරු වීම සිදුවේ. මෙවිට n-type ධන ලෙස ආරෝපනය වන අතර p-type ඍණ ලෙස ආරෝපනය වේ. මේ නිසා කෝෂය හරහා විද්යුත් ක්ෂෙත්‍රයක් ඇති වේ. සිලිකන් වලට විද්යුත් පරිවාරකයක් ලෙස ක්‍රියා කල හැකි නිසා එයට මෙම අසමතුලිත බව පවත්වාගත හැකි වේ.

මෙම විද්යුත් ක්ෂෙත්‍රය නිසා ෆෝටෝන මගින් මුක්ත වූ ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ක්‍රමානුකූලව ගමන් කරමින් විවිධ උපකරණ ක්‍රියා කිරීමට අවශ්‍ය විදුලිය සපයාදෙයි.

Wednesday, May 19, 2010

දවසක් පැල නැති හේනේ ....

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ




නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ




කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ




පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
සංගීතය   - විශාරද ගුණදාස කපුගේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ


සිංහල ගීත කලාව පෝෂණය කල සුසුම සංයෝගයක විශිෂ්ට භාව පූර්ණ නිර්මානයක් වූ මෙම ගීතය ඇසුවන් හද සියුම්ව ස්පර්ශ කරමින් ශ්‍රාවකයා වෙනමම වූ මනෝ භාවයකට රැගෙන යයි.මවකගේ අපරිමිත සෙනෙහස මොනවට විදහා දක්වමින් රංබන්ඩා සෙනෙවිරත්නයන් පද පෙලහර කරන අයුරු ශ්‍රවකයා තුල අපූර්වත්වයක් ජනිත කරයි.මා සිතන පරිදි සිංහල ගීත කලාවේ අතිශය ගැඹුරුතම එමෙන්ම එකම පිරිමි කටහඩ හිමි ගායකයා වන ගුණදාස කපුගේ ශූරීන් මෙම පද මාලාවට ජීවය දෙන්නේ ශ්‍රවකයා ආනන්දයට පත් කරමිනි.


මා අසා ඇති පරිදි මෙම ගීතයට පාදක වූ සිද්ධි දාමය රංබණ්ඩා සෙනෙවිරත්නයන්ගේ ජීවිතයට සමීපය.


                                                
                         "දවසක් පැල නැති හේනේ
                           අකාල මහ වැහි වැටුනා"


මෙහි පැල නැති හේන යන්නෙන් අර්ථවත් වන්නේ පිය සෙනෙහස අහිමි පවූලක් පිලිබදවය. මෙම තනිකඩ මවට හා දරුවාට විදින්නට වන දුක්ක දෝමනස්සයන් හා අගහිගකම් අකාල වැස්සකට රචකයා උපමා කොට දක්වයි.


                        "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"


එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට සැපවත් ජීවිතයක් ලබාදීමට දරන උත්සාහය කවියා පාඨකයාට සන්නිවේදනය කරන්නේ අපූර්වත්වයක් ජනිත කරමිනි.


මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් වනුයේ මව දෙවන වර විවාහයක් නොවී තම දරුවා ජීවිතයේ එකම අරමුණ සේ ගෙන ඔහුගේ සැපත තම සැපත සේ සැලකූ බවයි.


පුතා උස් මහත් වී අම්මා තනිකර නගරයට යාම ව්‍යංගයෙන් හගවන කවියා, ඔහුට විදින්නට වන ගැහැට හමුවේ බිරිදගේ හැසිරීම දක්වනුයේ අපූර්වත්වය දනවමිනි.
                                  
                      "බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ"


යෝධ ඇලේ අති විශේෂත්වය නම් එහි බැස්ම ඉතා සුලු වීමයි. එහි බැස්ම හැතැම්මට අගලක් යැයි කියැවේ. එම නිසා යෝධ ඇල මතුපිටින් ගලන්නා සේ නොපෙනුනත් යටින් හිමින් සීරුවේ ගලා යයි.
මෙපරිද්දෙන් දුක් කරදර හමුවේ බිරිදද හිමින් සීරුවේ ඔහු තනිකර යන විට ඔහුට මවගේ සෙනෙහස සිහිවේ.
මෙවිට පුතා තම සියලු සැප සම්පත් හැර දමා අම්මා වෙත,අම්මාගේ සෙනෙහස වෙත දුව ගියත් එවිට ඔහු පමා වී වැඩිය, අම්මා ඔහු තනිකර මෙලොව හැර ගොසිනි.පුතා ගම රට බලා එන විට ඔහු පිලිගන්නට අම්මා ඉදිකඩ ලග නැත.
මෙම අවසන් පද පෙල කපුගේ ශුරීන් ගායනා කරන්නේ විලාපයක් බදු ශෝකී ස්වරයකිනි. එය ශ්‍රවකයා තුල අපරිමිත සංවේගයක් ජනිත කරන අතර සිත කම්පනයට පත් කරයි.

Tuesday, May 18, 2010

අසම්පූර්ණ ව්ශ්වය : සාකල්‍ය වාදයට ආයුබෝවන් (Good bye to the theory of Every Thing)


මෙම ලිපිය 2010 මැයි 10 දින නිව් සයන්ටිස්ට් සගරාවේ පලවූ ලිපියක අනුවාදනයකි.

අවුරුදු 15 පෙර මා, ස්වභාවයේ පවතින ඉතා විශාල සහ ඉතා කුඩා වස්තූන් යන සියල්ල ඒකාබද්ධ කරන වාදයක් සොයමින් හඹායන්නෙක් වීමි. ඒ පිලිබද බලාපොරොත්තු තබාගැනීමට හොද හේතු තිබින. අග්‍රගණ්‍ය විද්‍යාඥයන් ඒ සදහා කැපවී ක්‍රියා කළහ. අපගේ යථාර්තය පිලිබද අවබෝධය අසම්පූර්න බව දුතු අයින්ස්ටයින් පවා තම ජීවිතයේ අවසන් අවුරුදු 20 ම කැප කලේ අප අවට පවතින ප්‍රධාන බල යුගල වන ගුරුත්වාකර්ෂනය හා විද්‍යුත්චුම්බක ශක්තිය එකම බලයක ඵලයන් දෙකක් ලෙස පැහදිලි කරන තනි ඒකලිත ක්ෂෙත්‍රයක් සොයාගැනීම වෙනුවෙනි. ඔහුට අනුව එවන් ගණිතමය ආකෘතියක් මිනිස් බුද්ධියේ අග්‍ර ඵලය හා ස්වභවධර්මයේ සංසිද්ධීන් කදිමට පැහැදිලි කරන්නක් විය.  

අයින්ස්ටයින් ගේ මරණයෙන් 50 වසරකට පසුව පවා මෙම ඒකලිත ක්ෂේත්‍රයක් සොයාගැනීමේ ප්‍රයත්නය අතහැර නොමැත. ස්ටීවන් හෝකින් සහ තවත් විද්‍යඥයන්ට අනුව මෙම වාදය සොයා ගැනීම දෙවියන් වහන්සේගේ මනස අවබෝධ කරගන්නවා වැනිය. මෙම උපමාව අහඹුවක් නොවේ. 

නූතන විචාරකයට අනුව අයින්ස්ටයින් ට සහ 20 වැනි සියවසේ අනෙකුත් අග්‍රග්ණ්‍ය විද්‍යඥයන්ට වැරදුනේ ඔවුන්ගේ ආකෘතීන් තුල පදාර්ථයේ සියලුම අංශු සහ ඒවායේ මූලික අන්තර්ක්‍රියා අඩංගු නොවූ නිසාවෙනි.එම සාධක අඩංගු වන්නේ නම් සාර්ථක වීමට වැඩි නැඹුරුවක් ඇති බව ඔවුන් පෙන්නා දෙති. එසේ වන්නේ නම් සියලු විද්‍යාවන්ගේ අවසන් වාදය පිලිබද සිහිනය ශක්තිමත් වන බව ඔවුහු පෙන්වා දෙති. නමුත් අපි ඉලක්කයට කොතෙක් ආසන්න වී ඇද්ද? මෙම වාදය අමූලික බොරුවක් විය නොහැකිද? සියල්ල පැහැදිලි කරන මෙවන් වාදයක් බැතිමතුන් විසින් වන්දනා කරන ආගමික විශ්වාසයකට සම නොවන්නේද?

අප දන්නා භෞතික විද්‍යාවට පෙර සිටම, පුරාණ ග්‍රීක දාර්ශනිකයන් ස්වභවයේ පවතින විවිධත්වය මූලික ප්‍රභවයකින් හෙවත් මූලික ද්‍රව්‍යකින් විකසනය විය නොහැකිදැයි කල්පනා කලහ. ඇරිස්ටොට්ල්ට අනුව පළමු ග්‍රීක දාර්ෂණිකයා වූ තෙලේස් සියල්ල ජලය පාදක කොට ගෙන නිර්මාණය වී ඇතැයි යෝජනා කලේය. ඔහුට අනුව ජලය ස්වභාවයේ ක්‍රියාශීලී හරය විය. පසුව පයිතගරස් සහ ඔහුගේ අනුගාමිකයන් ස්වභාවධර්මය ගණිතමය ප්‍රහේලිකාවක් යැයි විශ්වාස කල අතර එය අනුපාත හා පූර්ණ සංඛ්‍යා එක් කරන රටාවකට නිර්මානය වී ඇතැයිද, එය පැහැදිලි කිරීමට යතුර ජ්‍යාමිතිය යැයි ද විශ්වාස කරන ලදී.

ස්වභවධර්මයේ රහස් සොයා ගැනීමට මූලික දොරටුව ගණිතය යැයි යන අදහස පුනරුද යුගයේ අවසන් කාලයේ නැවතත් මතු විය. ගැලීලියෝ, නිව්ටන්, ඩෙස්කාටස් සහ කෙප්ලර් යන විද්‍යාඥයන් අවධාරනය කලේ ස්වභාවික සංසිද්ධීන් ගණිතමය වශයෙන් පැහැදිලි කිරීමට හැකි වනුයේ විද්‍යාත්මක ක්‍රමය භාවිතය තුලින් පමණක් බවයි. මෙවිට කල්පිත පරීක්ෂන හා නිරීක්ෂන තුලින් පරික්ෂා කර බලන අතර ඉන්පසු පිලිගැනීම හෝ ඉවතලෑම සිදුකරයි. මෙයාකාරයෙන් භෞතික විද්‍යාව "කොහොමද" යන්න මූලික කරගත් අතර "ඇයි" යන්න ආගමට හා දර්ෂණයට භාර කෙරින. නිව්ටන් ගෙන් අංශු අතර අන්තර් ආකර්ශන අති වන්නේ ඇයි දැයි ඇසූ විත ඔහු තමාට එයට පිලිතුරු දීමට නොපුලුවන් බවත් සංසිද්ධීන් පිලිබද ප්‍රමානාත්මක පැහැදිලි කිරීමක් ප්‍රමානවත් බවත් පැවැසීය.


කෙසේ වෙතත් එය සම්පූර්න කතාව නොවේ. නිව්ටන්ට අනුව දෙවියන් වහන්සේ ඉහලම ගණිතඥයා වූ අතර ස්වභාවධර්මයේ ගණිතමය මූලධර්ම නිර්මාණ සැලැස්මේ පිටපත විය. විද්‍යාව දියුණු වත්ම මෙම නිර්මාණ වාදය මැකී ගිය මුත් සියල්ල පැහැදිලි කරන රහස් යතුරක් ඇත යන සංකල්පය බැහැර නොවීය. අයින්ස්ටයින් ට අනුව පවතින සියල්ල පිටුපස සංවිධිත ක්‍රමවත් බවක් පවතින අතර එම මතවාදය ඔහු විශ්වාස කල දෙවියන් විය.

නූතනයේ ඒකිකෘත ක්ෂෙත්‍රය පිලිබද වාදයන් ආකාර දෙකක් ගනී. සාම්ප්‍රදායික විශිෂ්ට එකිකෘත ක්ෂෙත්‍ර වාදය, විද්යුත්චුම්භක ශක්තිය හා ප්‍රභල,දුභල න්‍යෂ්ටික ශක්තීන් එකම ශක්තියක් ලෙස පැහැදිලි කිරීමට යත්න දරයි. මෙය පලමුවෙන්ම 1974 දී හාවඩ් සරසවියේ හොවාඩ් ජෝජි විසින් හා බොස්ටන් සරසවියේ ෂෙල්ඩන් ග්ලැෂෝ විසින් ඉදිරිපත් කරන ලදී. දෙවනි ආකෘතිය ගුරුත්වාකර්ෂනයද මෙයට ඇතුලත් කිරීමට යත්න දරයි. එය සුපිරිතන්තු වාදය නම් වේ. එහිදී පදාර්ථය මූලිකවම කම්පනය වන තන්තු වලින් නිර්මිත බවත් ඒවා ඉහල මාන අවකාශයක පවතින බවත් කියැවේ.

අන් සියලු භෞතික වාදයන් මෙන්ම මෙම එකිකෘත ක්ෂෙත්‍ර වාදයද අනාවැකි පල කරයි. එකක් නම් සියලු පරමානුක න්‍යෂ්ටීන් හි පවතින ප්‍රෝටෝනය අස්ථායී බවයි. නමුත් මේ දක්වා ඉතා සියුම් උපකරන යොදා ගෙන කරන ලද පරීක්ෂන වලින් ක්ෂය වන ප්‍රොටොන සොයා ගැනීමට නුපුලුවන් වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැනට නිරීක්ෂණය කල නොහැකි තරම් ඉතා සුලු ලෙස ප්‍රොටොන ක්ෂය වන ලෙස දක්වෙන පරිදි ආකෘතීන් වෙනස් කරන ලදී. තවත් අනාවැකියක් වූ පුඤ්ජ ලෙස පවතින අන්තර්ක්‍රියාකාරී ක්ෂෙත්‍ර හෙවත් චුම්භක එක ධ්‍රැව මෙතෙක් සොයාගෙන නැත.

සුපිරිතන්තු පිලිබද තත්වය මීටත් වඩා අපැහැදිලිය. එහි ඇති ගණිතමය අලංකාරය කෙසේ වෙතත්,එම වාදය භෞතික තත්වයෙන් ඉතා ඈත් වී ඇති අතර මිනිය හැකි තන්තුමය ආචරනයක් යනු කුමක්දැයි නිර්නය කර ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි.

මා සිතන ලෙස මෙම එකිකෘත ක්ෂෙත්‍ර වාදය යන හැගීම පවා වැරදි සහගත වන බවයි. අප දන්නා බල එකිකෘත කිරීම සාර්ථක වුවත් අප අත් කරගන්නේ අසම්පූර්න එකීය කිරීමකි. අපගේ උපකරන වලත සීමාවන් ඇත. අපගේ භෞතික දැනුම අප ගන්නා මිනුම් මත රදා පවතින නිසා අපට කිසිදා සියල්ල දැනගැනීමට ලැබෙන්නේ නැත. මූලික බල හතරක් පමනක් ඇතැයි ස්ථීරව කිව හැක්කේ කාටද? විද්‍යාව මවිත කිරීම් වලින් ගහනය. එමනිසා යථාර්තය ගැන අපගේ දැනුම අත්‍යාව්ශ්‍යයෙන්ම අසම්පූර්න බව පිලිගැනීම වඩාත් සුදුසුය. මෙවිට දෙවියන්ගේ මනස තෙරුම් ගැනීම බැහර කර විද්‍යාව මිනිස් ප්‍රයත්නයක් ලෙස අවබෝධ කර ගත හැකි වනු ඇත.

අංශු භෞතිකයේ පර්යේෂන අපට පෙන්වා දී ඇත්තේ,පරිපූර්නත්වය පිලිබද අපගේ බලාපොරොත්තු, බලාපොරොත්තු පමනක් බවයි. සමමිතිය සංකල්පය සෑම තැනම බිද වැටේ. ජෝන් කීට් කී පරිදි නොව ස්වභාවයේදී ලස්සන හැම විටම සත්‍ය නොවේ.


නමුත් මා යෝජනා කරන්නේ මූලික අසමමිතිය අපගේ විශ්වයේ අත්‍යවශ්‍ය කොටසක් බවත් එය අපගේ පැවැත්ම තීරණය කරන බවත්ය.පහත කරුනු බලන්න. විශ්වය අවුරුදු බිලියන 14 තිස්සේ ප්‍රසාරනය වීමට විශේෂ ගුණංග තිබිය යුතුය. මහා පිපුරුමෙන් පසු පදාර්ථ ප්‍රථිපදාර්ථ අබිභවා සිටිය යුතු වූ අතර එසේ නොවී නම් විශ්වයේ වැඩිපුර පවතිනු ඇත්තේ විකිරනය. ජීවය පවා අසමමිතියේ ප්‍රථිඵලයකි. ඇමයිනෝ අම්ලයක අසමමිතියේ සිට ප්‍රජනනයෙදී සිදුවන විකෘථි  දක්වා මෙම අසමමිතිය අංශු, පරමානු, සෛල; ප්‍රාග් න්‍යෂ්ටික සෛල වල සිට සූ න්‍යෂ්ටික සෛල  දක්වාත් දීර්ඝ ගමන  මෙම අසමමිතිය මගින් බලගැන්වීය.


පෘතුවියෙහි ඉතිහාසය පාරිසරික වෙනස්වීම වලින් පිරී ඇත. සමහරවිට අද අප අත් විදින සංකීර්න වූ ජීවය පවා ඉතා දුලභ ,අසමමිතියේ සහ අසම්පූර්නත්වයේ නිර්මානයක් විය හැක. 


නමුත් අවසාන වාදය අතැර දැමුවාට විද්‍යාව නීරස වන්නේ නැත. ඒ අපගේ කුතුහලය අවුස්සන අභිරහස් මේ ස්වභාවධර්මයේ ඇති බැවිනි.


                                                                                                    
by Prof. Marcelo Gleiser
courtesy  New Scientist

Monday, May 17, 2010

බාල නගා


රෑ කලුවර මකා දමන පෝ දා සද                   වැන්න
තණපත් පිනිබිදු දියකර හරින ලහිරු             වැන්න
පිපාසාව දුරලන සිහිලඹ දෝතක්                   වැන්න
මගෙ තනිකම දුරලන්නට බාල නගේ            එන්න



වෙල් යායේ පීදෙන රන් බන්ඩි කරල             වැන්න
සුලලිත තාලෙට නැලවෙන්න කුරහන් මල     වැන්න
රෑ යාමේ පීදෙන සොද පිච්ච කැකුලු                වැන්න
කොයි යන්නේ බාල නගා මා ගැන දුක           නැද්ද

Saturday, May 15, 2010

තෙල්

ශ්‍රි ලංකාවේ දැනට ඇති වී තිබෙන බලශක්ති අර්බුදයට ලබා දිය හැකි එක් විසදුමක් වන්නේ ශ්‍රි ලංකාවේ ඇතැයි කියන තෙල් සහ ගෑස් නිධි භාවිතයට ගැනීමයි.


මේ සදහා ඉදිරි පියවරක් තබමින් ශ්‍රි ලංකා ආණ්ඩුව ඉන්දියාවේ CAIRN සමාගම සමග මෑතකදී ගිවිසුමකට එලඹෙමින් මන්නාරම් ද්‍රොණියේ එක් කලපයක තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණය එම සමාගමට පැවරීය.


මෙම ගිවිසුමේ වැදගත් කරුනු ස්වල්පයක් ඔබ හමුවේ තැබීම මෙම ලිපියේ අරමුණයි.


භූමි භාගය - මන්නාරම් ද්‍රොණියේ SL 2007/01/001


වර්ග ප්‍රමානය - 3400 ව.කිමි


ගැඹුර - 200m සිට 1800m දක්වා


මෙම ගවේෂණ කටයුතු සදහා ඩොලර් මිලියන 112 වියදම් කිරීමට සමාගම එකග වී ඇත. මෙහිදී සමාගමට තෙල් වාණිජ වශයෙන් ලබගැනීමෙන් ලැබෙන ආදායමෙන් 65% හිමි වේ.


ලංකාවට ලැබෙන ප්‍රතිලාභ.


#ආදායමෙන් 10% ක රාජ්‍ය භාගය හිමිවේ.
#තවද තෙල් වානිජ මට්ටමෙන් හමුවුවහොත් නිෂ්පාදන පාරිතොෂිකයක් වශයෙන් ඩොලර් මිලියන 50 හිමි වේ.
#ලංකාවට ලබෙන ලාභය ආයෝජිත ප්‍රමානය මත වේ.
#සමාගමේ ලාභයෙන් 15% බදු




ගිවිසුම් කාලය අවුරුදු 8 කි.
සමාගම සියලුම ගවේෂණ දත්ත රජයට ලබා දීමටත් ශ්‍රමිකයන් පුහුණු කිරීමටත් පරිසර අධ්‍යයනයන් අනුව කටයුතු කිරීමටත් අදාල තාක්ෂනය 
ලංකාවට ලබා දීමටත් බැදී සිටී.

courtesy - peoples daily online.com

අත්දැකීම

 ලියන්නෙ මොනවද කියල කල්පනා කර කර ඉන්න අතරෙ හිතුන මගේ පළවෙනි job කට්ට ගැන ලිව්වොත් හොදයි කියල.

දෙවැනි සැරේ A/L කරල ගෙදරට වෙලා නිකම්ම ඉන්න කොට අයියා තමයි කිව්වේ ලංකා බැංකුවට මාස 6 කට school leavers ල ගන්නව කියල. ගතමනාවකුත් ලැබෙන නිසා මාත් එක පයින්ම කැමති උනා. කොහොමින් කොහොම හරි සති 2 කට විතර පස්සෙ රස්සාවට එන්න කියල ලියුම ආවා.

ඔන්න ඉතින් මමත් හාපුරා කියල අලුත් කලිසම් ෂර්ට් ඇදල අම්ම දුන්න බත් එකත් උස්සගෙන දකුණු පය පෙරට තියා පිටත් වුනා.
මම වැඩ කරේ ලංකා බැංකු පළාත් කාර්යාලෙ. ඒක තියෙන්නෙ ගාල්ල කොටුවෙ. ඒකෙ මුදල් ගනුදෙනු වෙන්නෙ නැති නිසා branch එකක් තරම් busy නෑ. මාව දැම්මෙ recovery section ඒකට. ඒකෙන් කරන්නෙ ණය ගෙවන්නෙ නැති මිනිස්සුන්ගෙන් අදාල හිග මුදල් අය කර ගන්න එක.(පොළියත් සමග)

රස්සාවට ගියපු මුල් දවස් වල මාර කට්ටක් තමයි කෑවෙ. මම ඉතින් ඒ දවස් වල ටිකක් shy ළමයා නෙ. ඉතින් මගේ වැඩ ටික කරල ඉවරවුනාට පස්සෙ ඔහෙ පැත්තකට වෙලා ඉන්නවා. ඒ මදිවට අනිත් school leavers ල ඔක්කොම girls ල. ඉතින් කරන්න වැඩකුත් නැති නිසා මම 11 ට 11.30 ට විතර දවල්ට කනවා. ඒක නිසා මට card ඒකකුත් වැදුනා පොඩි සාදු කියලා.....

මම කිව්වනෙ මම වැඩ කලේ අය කරගැනීමේ අංශයෙ කියල. මෙතනින් තමයි ණය ගෙවන්නෙ නැති වුනාම දේපළ වෙන්දෙසි කරන්නෙ, නඩු දාන්නෙ. හුගක් වෙලාවට වෙන්දේසි වෙන්නෙ දුප්පත් නැති බැරි මිනිස්සුන්ගෙ දේපළ තමයි. සල්ලිකාරයො හිමීට shape වෙනවා.

ටිකක් කල් ගියාට පස්සෙ මට office එක ගෙදර වගේ. අපෙ අංශයේ chief තමයි මදුරපාල සර්. හරිම හොද මනුස්සයා. සමහර වෙලාවට එයා කරන විහිලු වලට office එකම  හිනා සාගරයක්. හැම problem එකටම හිනාවෙලා මූණ දෙනවා.

තවත් අමුතු චරිතයක් තමයි ජයන්ත සර්.මිනිහ ටිකක් චණ්ඩියා. හෙන පොර talks දෙන්නෙ. සමහර මාස වල සති ගණන් නිවාඩු. එයාගෙ hobby එක තමයි ඇදුම් ගැනීම.

කාන්ති මිස් එක්ක තමයි මම හෙන fit. හරිම හොදයි. අපි දෙන්න වැඩක් නැති වෙලාවට රටේ නැති දේවල් ගැන කතා කරනවා.
මම ලගදිත් මිස්ගෙ ගෙදර lunch එහකට ගියා..

පුෂ්පා මිසුත් හරිම හොදයි. එක දවසක් මගෙ වැඩක් නිසා ලොක්කෙක් මිස්ට බැන්නා.. එයාගෙ computer මම use කරා කියල.

කිරින්ගොඩ සර් අපෙ ඉස්කෝලෙ old boy කෙනෙක්. එයා සමහර වෙලාවට මට එයා ඉස්සර කරපු වීර ක්‍රියා ගැන කියනවා. සමහර වෙලාවට අපි බුද්ධාගම ගැන බරසාර discussion කරනවා. මමත් දන්න දේ දේශනා කරනවා...

ඔන්න ඔය විදියට තමයි මගෙ රස්සාවෙ මාස 6 දන්නෙම නැතිව ගෙවිල ගියෙ. ඒ මාස 6 ට මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.  


Friday, April 9, 2010

දුක.......



උරුම නම්,
මට
ඔබේ සෙනෙහස
ඉවසන්නම්
එය
මා
සතුවන තුරා
කල්ප
කාලාන්තරයක්
................
සසරේ.........

එතෙක්
මා
හට උරුම දුක.......