Wednesday, June 16, 2010

ඊර්ෂ්‍යාව

Overcoming Jealousy and Possessivenessඊර්ෂ්‍යාව මිනිස් සන්තානයේ ලැගුම් ගත් විකෘති හැගුම් සමුදායකි. එය පැසවමින් තිබෙන ලෝදිය වැනිය. ඊර්ෂ්‍යාවෙන් පෙළන ලද තැනැත්තෙක් හට හරිහැටි නින්දක් නැත. කන බොන දෙයක් ඇගට අල්ලන්නේ නැත. ශරීරය කෘෂ වේ. අවසානයේදී ඊර්ෂ්‍යාව නැමති ගින්න විසින් ඔහුව දවා හළු කරනු ලැබේ.

මේ ඊර්ෂ්‍යාවේ යථා ස්වභාවයයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව මෙම විරූපී යක්ෂයා සැම දෙනා තුලම අඩු වැඩි වශයෙන් පවතී.

ඊර්ෂ්‍යාව නිසා අනුන්ට වන හානියක් නොමැත. හානිය, වේදනාව තමන්ටමය. එහි කෙළවර වන්නේ ශාරීරික හෝ මානසික ආබාධයකි. ඊර්ෂ්‍යාව හමුවේ මිනිස් සිතේ තර්කණය හෙවත් හේතු යුක්ත බව නැති වී යයි. එහි ප්‍රතිඵලය ඊර්ෂ්‍යාව වෛරයක් බවට පෙරලීමයි.

සමහර ආදරවන්තයන් තම පෙම්වතිය වෙනත් පිරිමියෙකු හා කතා කරනවාටත් අකමැතිය. තවත් සමහරුන් තමා ආදරය කරන තැනත්තිය තමාට පෙරළා ආදරය නොකරන විට වේදනාවට පත් වේ. ඔහුගේ සිත තුල ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවක් හට ගනී. ඇයට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතයි.  ඊර්ෂ්‍යාව වෛරයකට පෙරළේ. මෙවිට ඇයට තම ආදරය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු අයිතියක් නැතැයි සිතන්නට පටන් ගනී. තමා ප්‍රතික්ෂේප වන්නට සාධාරණ හේතු ඇයට නැතැ යි සිතයි.

නමුත් ඇත්තටම ඔබ යම් අයෙකුට ආදරය කරන්නේ නම් ඔහුගේ/ඇයගේ තීරණය ඔබ ප්‍රශ්ණ නොකල යුතුය. ඇයට/ඔහුට තම ජීවන සහකරු/සහකාරිය තෝරා ගැනීමට පූර්ණ නිදහස තිබිය යුතුය. කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිත පාලනය කිරීමට අයිතියක් නැත. ස්වාමිපුර්ෂයාට වුවත් තම බිරිදගේ ජීවිතය පාලනය කිරීමේ අයිතියක් නැත. එය සාධාරණ නොවේ.

ඊර්ෂ්‍යාව පිලිබද පර්යේෂණ කරන මනෝ විද්‍යාඥයන් පවසන්නේ, ගැහැණු සහ පිරිමින්ගේ ඊර්ෂ්‍යාවේ ස්වභාවය පිලිබද වෙනස්කම්, පරිනාමික බලපෑමක් මත සිදු වූ බවයි.

උදාහරණයක් ලෙස පිරිමින් තම සහකාරියගේ ලිංගික පක්ෂපාත භාවය පිලිබද, හැගීම් වල පක්ෂපාත භාවයට වඩා වැඩියෙන් සැලකිලිමත් වේ. එනම් ඔහුට වඩා වැදගත් වන්නේ ගැහැණිය තමා හා පමණක් ලිංගිකව එක්වන්නේද නැද්ද යන්න පමණි. ඇය සිතින් වෙනකෙකුට ලැදියාවක් දැක්වීම ඔහුට වැදගත් වන්නේ අඩුවෙනි.
අනික් අතට ගැහැණිය තම ආදරවන්තයාගේ හැගීම් හා සිතුවිලි කෙරෙහි වඩා සැලකිලිමත් වේ. ඇයට ඔහුගේ සම්පූර්න ආදරය අවශ්‍යය. ලිංගිකත්වය කෙරෙහි ඇගේ අවධානය සාපේක්ෂ්ව අඩුය. එනම් ඔහු සිතින් වෙන ලදක් ප්‍රිය කරන්නේ නම් ඇය ඊර්ෂ්‍යාවෙන් පුපුරයි.

මෙයට හේතු තිබේ. පරිනාමිකව පිරිමියාට වඩාත් වැදගත් වන්නේ තම ජනිතයන් තමාගේද නැද්ද යන්න යි. ඔහුට පිටස්තර ජාන ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නැත. තම ගැහැණිය වෙනත් පුරුෂයෙකු හා ලිංගිකව හැසිරුනහොත් ඔහුට දරුවන් තමාගේම ජනිතයන් දැයි සැකයක් ඇති වීම සාධාරනය. ඔහුට ඊර්ෂ්‍යාව ඇති වන්නේ මෙම පදනම මතය.

අනෙක් අතට ගැහැණිය තමා බිහිකල දරුවන් තමාගේ බව හොදාකාරවම දනී. දරුවන්ගේ පියාද ඇය දන්න නිසා තමාගේ ජනිතයන් කවුරුන් දැයි ඇයට ගැටලුවක් නැත. ඇයට වැදගත් වන්නේ තමා හා තම ජනිතයන් රැක බලා ගන්නා පිරිමියා හා ඇති ච්ත්තවේගී (emotional) සබදතාවය පවත්වාගැනීමයි. වෙනත් ගැහැණියක් ඒ අතරට පැමිනියහොත් තමාට ලැබෙන රැකවරණය අහිමි වීම ගැහැණියගේ ඊර්ෂ්‍යාවට පදනමයි.

පරිනාමිකව කෙසේ වෙතත් හැම ආකාරයකින්ම ඊර්ෂ්‍යාව හානිදායකය. එම නිසා හැකි තරම් එවැනි හැගීම් වලින් තොරව ජීවත් වීම කාට කාටත් හොදය.

No comments:

Post a Comment