Thursday, June 17, 2010

ආවර්ජනා

මේ ගෙවිල යන්නෙ කෝරාළගෙ නිදහස් ජීවිතේ අන්තිම මාස කීපය. මොකද කෝරාළ ළගදි විස්ස විජ්ජාලෙට යනව නොවෑ. ඒත් ඉතින් බ්ලොග් කෙරුවාව නම් අතාරින්න අදහසක් තුන් හිතකවත් නෑ. ඉඩ තියෙන පුළුපුළුවන් වෙලාවට මගේ ජීවිතේ සැප දුක හැමෝම එක්ක බෙදා හදා ගන්නව.

බ්ලොග් කෙරුවාවට මම ආවෙ පෙබරවාරි මාසෙද කොහෙද, නැත්තම් මාර්තු, හරියට මතක නෑ. මුලදි ලිව්වෙ ටිකක් කවි වගේ එව්ව තමයි. පස්සෙ පස්සෙ ටිකක් සංකීර්ණ අදහස් කීපයක් ලියල දැම්මා. හොද ප්‍රතිචාරත් ලැබුණා. වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුනේ "නවක වදය" හා "ලිංගිකත්වය හා ආදරය" කියන ලිපි වලට. බ්ලොග් ලියන අය දන්නවනේ කොමෙන්ටුවක් වැටුනාම කොච්චර සතුටක් ඇතිවෙනවද කියල. ඒක ඉතින් මටත් පොදුයි.


ආහ් තව එකක්.... බ්ලොග් ලියන ගමන්ම බ්ලොග් කියවන එකත් මම කරනව. වැඩියෙන්ම බ්ලොග් කියවන්නෙ google reader වලින් තමා. මොකද මගේ තියෙන්නෙ limited package එකක් නේ. මම ආසම බ්ලොග් එක තමයි "abnormal minds". හ්ම්ම්..වැඩි විස්තර ඕන නෑ.අපි මොකටද නොමිලේ ඇඩ් දාන්නෙ. බ්ලොග් එකක් ලියන නිසාම මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. RSS feed එකක් කියන්නෙ මොකද්ද, open ID එකක් කියන්නෙ මොකද්ද, google reader පාවිච්චි කරන්නෙ කොහොමද තව site එකකට adds දාන්නෙ කොහොමද වගේ ගොඩක් දේවල්.

ආහ්... මට අමතක වුනානේ. සින්ඩියටත් (සිංහල බ්ලොග් කියවනය ) පොඩි thanx පාරක් දාන්න ඕන.මොකද අපේ බ්ලොග් එක ලෝකෙට ගෙනියන්නෙ ඒ ගොල්ලො නේ. ඒක ලොකු දෙයක්. නැත්තන් ඉතින් අහසෙ තරු ගාණට තියෙන බ්ලොග් කන්දරාව අස්සෙ අපේ බ්ලොග් එක කොහොම හොයාගන්න කියලද?

 ආහ්.. ඊයෙ මම shaving cream එකක් ගත්තා.මෙච්චර කල් රැවුල කැපුවෙ සබන් ගාලා. දැන් ඉතින් අලුත් වෙන්න ඕනනේ. අනික මං ලගදි TV එකේ add එකක් දැක්කා, shaving cream ගාල රැවුල කපපු පිරිමියෙක්ගෙ පස්සෙන් කෙල්ලො රෑනක් එනව. කියන්න බෑනෙ මගේ පස්සෙනුත් ආවොත්. ඔන්න ආපුදෙන් කියල මාත් එකක් ගත්තා.

මං ගැන නම් කියන්න දෙයක් නෑ. අවුරුදු 20 මාස ගාණක් වයස සාමාන්‍ය කොල්ලෙක්. පසුතැවිලි නොවන ලෙස ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව. එහෙනම් ගිහින් එන්නම්. ආයුබෝවේවා

2 comments:

  1. ela machn, umbata add1 wagema kello RANAKMA set weewa....!!!
    best wishes for your blog career bro...

    ReplyDelete