Wednesday, June 2, 2010

සක්විති රජකම අතැහැරීම.....

ජීවන ගමන් මගේ අවුරුදු විස්සක් අවසානය. මනුස්ස ආත්මභාවයක උප්පත්තිය ලැබීම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වැනි යැයි බුදු දහමේ සදහන්ය. එවන් වු මනුස්ස ආත්මභාවයක කිසිදු ශාරීරික හෝ මානසික විකල බවකින් තොරව මා මීට අවුරුදු විස්සකට පෙර උපත ලැබීය. එම අගනා මනුස්ස ආත්මභාවය ලබාගැනීමට මා පෙර ආත්මභවයන් හීදී කල කැපකිරීම් බුදු දහමට අනුව අප්‍රමාණ වේ. කෙසේ හෝ මා එම විරල භාග්‍යට හිමිකම් දැරුවෙමි.

එහෙත් මා මෙම අවුරුදු විස්සට සපුරාගෙන ඇත්තේ කුමක්ද? මා O/L හා A/L විභාගයන් ඉහලින් සමත් වීමි. තවද විශ්ව විද්‍යාල අධ්‍යාපනයටද වරම් ලදිමි. එහෙත් මා ඊළග මිනිත්තුවේදී මියගියහොත්,මාගේ අගනා වටිනා මනුස්ස ජීවිතයේ අවුරුදු විස්සක් කඹුරා මා සපුරාගත් ඉහලම ඉලක්කය A/L වනු ඇත. A/L සමත් වනු පිණිස මා මෙම දුර්ලභ මනුස්ස ජීවිතය ලදිමියි නොසිතමි.

සිතන්න මා අඩුම තරමේ තවත් අවුරුදු තිහක් ජීවත් වූවා කියා. හදිසි කායික හෝ මානසික ආබාධයකට ලක් නොවුනහොත් සියල්ල හොදින් වේ යැයි පූර්ව උපකල්පනයක් කලහොත්; මා විශ්ව විද්‍යාලයට ඇතුලත් වනු ඇත, අවුරුදු හයක විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වෛද්‍යවරයෙකු ලෙස සමාජ මෙහෙවර ආරම්භ කරනු ඇත. අවුරුදු විස්සකට ආසන්න කාලයක් ගිලනුන්ට උපස්ථාන කොට මිය යනු ඇත.

එසේ වුවහොත් මා මේ දුර්ලභ මනුස්ස ආත්මභාවය ලබාගන්නේ සමාජයට මෙහෙවර කරනු පිණිස ද? ඉතා දුකසේ ලබාගත් මනුස්ස ආත්මභාවය අනුනගේ යහපත වෙනුවෙන් කැප කිරීම ගැටලුවක් නොවූවත් මා වෙනුවෙන් මා ඉටුකලයුතු දෑ කුමක්ද ? මා සපුරාගත යුතු ඉලක්කය කුමක්ද?

මෙම දුර්ලභ මනුස්ස ආත්මභාවය නැවත වරක් නොලැබීමට ඉඩ ඇත. කොහි සිට පැමිණියෙම්දැයි නොදන්නා මා කොයිබට යාවිදැයි ද නොදනිමි.

සපුරාගත යුතු ඉලක්කය මා දන්නා බව බෞද්ධයෙකු වශයෙන් විශ්වාස කරමි. එය සපුරා ගැනීම කෙසේ වෙතත් අඩුම තරමේ උත්සාහවත් විය යුතු බවත් මා දනිමි. එහෙත් එම ප්‍රාථමික ඉලක්කය සපුරාගනු වස් අවශේෂ දෑ කැප කිරීමට මෙම සමාජ වටපිටාව මට ඉඩ නොදෙයි. මේ සියල්ල සුලගට විසිකල හැකි නම්........ සක්විති රජකම අතැහැරීම කෙතරම් දුෂ්කරද?

1 comment:

  1. යන විදිහ හොඳයි කියලා මට නම් හිතෙනවා..

    ReplyDelete