සාමාන්‍යයෙන් අපි බ්ලොග් එකක් පටන්ගන්නෙ තමන්ගෙ අදහස් ලෝකයට ප්‍රකාශ කරන්නනේ. ඒක තමයි හැම බ්ලොග්කරුවෙක්ගෙම ප්‍රාථමික අරමුණ. ඒත් ඉතින් තමන්ගෙ අදහස් ලෝකයට ප්‍රකාශ කරන ගමන්ම කීයක් හරි හොයාගන්න තියෙනවනම්, ඒකත් කොච්චර ලොකු දෙයක්ද, නේද? අන්න ඒ ගැන පොඩි විස්තර ටිකක් තමයි මම කියන්න යන්නෙ. හැබැයි ඒ ගැන පියවරෙන් පියවර විස්තර කරන්න අදහසක් නෑ. දළ අවබෝධයක් දෙන්න තමයි මේ ලිපිය ලියන්නෙ.
දැන් මගේ බ්ලොග් එක බැලුවාම ඔයගොල්ලන්ට පේනව ඇති side bar එකේ දැන්වීම් කීපයක්ම දාල තියෙනව. ඉස්සෙල්ලා බලමු Google add එකක් දාගන්නෙ කොහොමද කියල.
ඔයගොල්ලො පාවිච්චි කරන්නෙ Blogger නම් ඔය dashboard එකේ තියෙනව monetize කියල button එකක්. ඔන්න ඕක click කරල දිගටම ඒගොල්ලො කියන විදියට ගියාම Google add දාගන්න පුලුවන්. ඔය Google add වල සල්ලි හම්බවෙන්නෙ click කරන වාර ගණන අනුව තමයි. check එකක් ගෙදරට එන්න අවම වශයෙන් $100 වත් ගිණුමට එකතු වෙන්න ඕන.
Blogger පාවිච්චි නොකරන අයට Google Ad sense වලට ගිහිල්ල මේ වැඩ ටික කරගන්න පුලුවන්. හැබැයි Google account එකක් තිබීම අනිවාර්යයි.
ඊලගට ඔය monetize මෙනුව යටතෙම තියෙනව amazon associates කියල tab එකකුත්. ඔන්න ඕක දිගේ ගියාම amazon භාණ්ඩ වල photos,links අපේ ලිපි වල පළ කරවගන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි පොතක් ගැන ලියනව නම් ඒ පොතේ පිටකවරෙ පින්තූරෙ ඔය amazon add එකක් විදියට ලිපියට දැම්මාම කවුරුහරි ඔය පින්තූරෙ click කරලා amazon.com අඩවියට ගිහිල්ලා ඔය පොත order කරොත් ඒ ගනුදෙනුවෙන් 4%-7% අතර කොමිස් මුදලක් අපිට ලැබෙනව.
ඊලගට කියන්න යන්නෙ Google Affiliate Network ගැන. මේකෙ වෙන්නෙ GAN යටතේ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ සමාගම් විශාල ගණනක් තියෙනව. ඒගොල්ලන්ගෙ adds අපේ බ්ලොග් අඩවියේ දාගන්න පුළුවන්. හුගක් ඒවයින් ලැබෙන්නෙ amazon වලදි වගේ කොමිස් මුදලක්.
ඒ වගේම Google Analytics වල ඔයගොල්ලො ලියාපදිංචි වුනොත් ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ගෙ වෙබ් අඩවියට යන එන අය ගැන ඉතා පුළුල් විස්තරයක් ලබා ගන්න. කීදෙනෙක් ආවද,මොනවද වැඩියෙන් බලපු ලිපි, කොච්චර වෙලා හිටියද ආදී මෙකී නොකී හැම දෙයක්ම.
දැන් ඉතින් ඔය ලින්ක්ස් දිගේ ගියාම සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙන කෙනෙකුට ඕවා කරල බලන්න පුලුවන්. හැබැයි ටිකක් වෙලා යන වැඩක්...ටිකක් කියවන්න තියෙනවා. මොකද සල්ලි සම්බන්ධ වැඩ නේ.
හැබැයි කිව්වට මොකද මට නම් තාම සතයක් වත් ඕවයින් ලැබිල නම් නෑ. හැබැයි ලැබුණ අය ගැන නම් අහල තියෙනව.
Showing posts with label internet. Show all posts
Showing posts with label internet. Show all posts
Saturday, June 19, 2010
Saturday, May 29, 2010
ඇබැද්දිය
මාර වැඩක් තමා වුනේ. ඔයාල දන්නවනෙ සමහර බ්ලොග්ස් වල template එක blogger වලින් දෙන ඒවට වඩා වෙනස් නේ. ඉතින් මටත් හිතුනා මගේ බ්ලොග් එකටත් ලස්සන template එකක් දාගන්න. ඔන්න ඉතින් search කරල ලස්සන template එකක් හොයාගත්තයි කියමුකෝ. මම ඉතින් මේ cyber space එකට ආධුනිකයි නෙ. ඉතින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ template එක add කරා. ඒත් මට ඕන සමහර widgets ඒ template එකේ තිබුනෙ නෑ. ඉතින් ආපහු ඉස්සෙල්ල තිබුන template එකට මාරු වුනා. එතකොට තමයි තරු පෙනුනෙ. ඒක use කරාට එකේ සමහර widgets වැඩ කරන්නෙ නෑ. පස්සෙ දන්න හැම සෙල්ලමක් ම දාල බැලුව. ඒත් හරිගියේ නෑ. මම දෙන අවවාදය තමයි ඔය HTML code වෙනස් කරන්න ඉස්සෙල්ල ඒව download කරගන්න කියන එක. නැත්තම් මාර කට්ටක් තමා කන්න වෙන්නෙ.
ඔයලට ලස්සන template ඕනනම් මෙතන කොටන්න.
කරන්න ඕන මෙච්චරයි.
1.ඕන කරන template එක download කරගන්න.
2.ඔය download කරපු file එක තියෙන්නෙ zip file එකක් විදියට. ඒක නිසා ඒක extract කරගන්න.
3.ඊට පස්සෙ blogger dashboard එකට ගිහිල්ලා එතනින් > layout > edit HTML යන්න.
4.දැන් තියෙන template එක ඉස්සෙල්ල download කරගන්න.
5.දැන් අර අලුත් template එක open කරල upload කරන්න.
6.කොහොමද බඩු වැඩ නේ.
ඔයලට ලස්සන template ඕනනම් මෙතන කොටන්න.
කරන්න ඕන මෙච්චරයි.
1.ඕන කරන template එක download කරගන්න.
2.ඔය download කරපු file එක තියෙන්නෙ zip file එකක් විදියට. ඒක නිසා ඒක extract කරගන්න.
3.ඊට පස්සෙ blogger dashboard එකට ගිහිල්ලා එතනින් > layout > edit HTML යන්න.
4.දැන් තියෙන template එක ඉස්සෙල්ල download කරගන්න.
5.දැන් අර අලුත් template එක open කරල upload කරන්න.
6.කොහොමද බඩු වැඩ නේ.
Subscribe to:
Comments (Atom)