Saturday, June 19, 2010

බ්ලොග් එකෙන් කීයක් හරි හොයාගමුද?

සාමාන්‍යයෙන් අපි බ්ලොග් එකක් පටන්ගන්නෙ තමන්ගෙ අදහස් ලෝකයට ප්‍රකාශ කරන්නනේ. ඒක තමයි හැම බ්ලොග්කරුවෙක්ගෙම ප්‍රාථමික අරමුණ. ඒත් ඉතින්  තමන්ගෙ අදහස් ලෝකයට ප්‍රකාශ කරන ගමන්ම කීයක් හරි හොයාගන්න තියෙනවනම්, ඒකත් කොච්චර ලොකු දෙයක්ද, නේද? අන්න ඒ ගැන පොඩි විස්තර ටිකක් තමයි මම කියන්න යන්නෙ. හැබැයි ඒ ගැන පියවරෙන් පියවර විස්තර කරන්න අදහසක් නෑ. දළ අවබෝධයක් දෙන්න තමයි මේ ලිපිය ලියන්නෙ.

දැන් මගේ බ්ලොග් එක බැලුවාම ඔයගොල්ලන්ට පේනව ඇති side bar එකේ දැන්වීම් කීපයක්ම දාල තියෙනව. ඉස්සෙල්ලා බලමු Google add එකක් දාගන්නෙ කොහොමද කියල.

ඔයගොල්ලො පාවිච්චි කරන්නෙ Blogger නම් ඔය dashboard එකේ තියෙනව monetize කියල button එකක්. ඔන්න ඕක click කරල දිගටම ඒගොල්ලො කියන විදියට ගියාම Google add දාගන්න පුලුවන්. ඔය Google add වල සල්ලි හම්බවෙන්නෙ click කරන වාර ගණන අනුව තමයි. check එකක් ගෙදරට එන්න අවම වශයෙන් $100 වත් ගිණුමට එකතු වෙන්න ඕන.

Blogger පාවිච්චි නොකරන අයට Google Ad sense වලට ගිහිල්ල මේ වැඩ ටික කරගන්න පුලුවන්. හැබැයි Google account එකක් තිබීම අනිවාර්යයි.

ඊලගට ඔය monetize මෙනුව යටතෙම තියෙනව amazon associates කියල tab එකකුත්. ඔන්න ඕක දිගේ ගියාම amazon භාණ්ඩ වල photos,links අපේ ලිපි වල පළ කරවගන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි පොතක් ගැන ලියනව නම් ඒ පොතේ පිටකවරෙ පින්තූරෙ ඔය amazon add එකක් විදියට ලිපියට දැම්මාම කවුරුහරි ඔය පින්තූරෙ click කරලා amazon.com අඩවියට ගිහිල්ලා ඔය පොත order කරොත් ඒ ගනුදෙනුවෙන් 4%-7% අතර කොමිස් මුදලක් අපිට ලැබෙනව.

ඊලගට කියන්න යන්නෙ Google Affiliate Network  ගැන. මේකෙ වෙන්නෙ GAN යටතේ ප්‍රසිද්ධ අප්‍රසිද්ධ සමාගම් විශාල ගණනක් තියෙනව. ඒගොල්ලන්ගෙ adds අපේ බ්ලොග් අඩවියේ දාගන්න පුළුවන්. හුගක් ඒවයින් ලැබෙන්නෙ amazon වලදි වගේ කොමිස් මුදලක්.

 ඒ වගේම Google Analytics වල ඔයගොල්ලො ලියාපදිංචි වුනොත් ඒකෙන් පුළුවන් ඔයගොල්ලන්ගෙ වෙබ් අඩවියට යන එන අය ගැන ඉතා පුළුල් විස්තරයක් ලබා ගන්න. කීදෙනෙක් ආවද,මොනවද වැඩියෙන් බලපු ලිපි, කොච්චර වෙලා හිටියද ආදී මෙකී නොකී හැම දෙයක්ම.

 දැන් ඉතින් ඔය ලින්ක්ස් දිගේ ගියාම සාමාන්‍ය පරිගණක දැනුමක් තියෙන කෙනෙකුට ඕවා කරල බලන්න පුලුවන්. හැබැයි ටිකක් වෙලා යන වැඩක්...ටිකක් කියවන්න තියෙනවා. මොකද සල්ලි සම්බන්ධ වැඩ නේ.
හැබැයි කිව්වට මොකද මට නම් තාම සතයක් වත් ඕවයින් ලැබිල නම් නෑ. හැබැයි ලැබුණ අය ගැන නම් අහල තියෙනව.

3 comments:

  1. ගොඩාක් වැදගත් ලිපියක් මචං.

    ReplyDelete
  2. වැදගත් ලිපියක්
    http://sthreevaadaya.blogspot.com/

    ReplyDelete