Saturday, June 19, 2010

සැමියා, බිරිද හා ගණිකාව

මෙම ලිපිය ලිවීමට වස්තු බීජය වූයේ කලකට ඉහත පුවත්පතක පළවූ සත්‍ය සිද්ධියකි.
ඔහුගේ බිරිද ගණිකාවක් වූවාය. ඔහු ඒ පිලිබදව දැනුවත්ව සිටි අයෙකි. විශේෂත්වය වූයේ තම බිරිදගේ පහස ලබනු රිසි සේවාදායකයන් (customers ලා) තම බිරිද හමුවට ගෙන ගියේ ඔහු විසින් ඔහුගේම ත්‍රීරෝද රථයෙන් වීමයි. සියලු කටයුතු සම්බන්ධීකරණය වන්නේ ඔහු අතිනි. පුවත්පතේ පළවූ ආකාරයට නම් ඔවුන් "යහපත්" පවුල් ජීවිතයක් ගත කරති.

මෙහිදී මා විසින් අදාල සැමියාගේ අරමුණු පිලිබද විග්‍රහයකට යෑමට නොසිතමි. ඔහුගේ අරමුණ බලහත්කාරයෙන් බිරිදගේ ඇග මස විකුණා තම වුවමනාවන් සපුරා ගැනීමද නැතිනම් තම බිරිද වෙනත් පුරුෂයෙකු හා ලිංගිකව හැසිරෙනු දැක ආතල් එකක් ගැනීමද නැතිනම් වෙනත් අරමුණක් ඇතිවද යන්න මා නොදනිමි. එහෙත් ලිපියේ අදාල සැමියා විසින් කරතිබූ පාපොච්චාරණයෙන් මට හැගී ගියේ පහසු හා හොද ආදායම් මාර්ගයක් නිසා දෙදෙනාම සහයෝගයෙන් මෙය කරගෙන යන බවකි.

මෙම ලිපිය කියවූ කල මා තුල ඇති වූයේ මෙවන් අදහසකි. තම බිරිද ගණිකාවක් වුවත් එය තුට්ටුවකට මායිම් නොකොට ඇය හට හදවතින්ම ආදරය කිරීම සාමාන්‍ය පුද්ගලයෙකුට කල හැකිද යන්නයි. දෙහදක් ආදරයෙන් එක් වූ විට එම ආදරය ආධ්‍යාත්මික තලයකට ඔසවා තබන්නට සමත් වන ගැහැණු පිරිමි වන්නේ නම් ඒ බොහෝ කලාතුරකිනි. ශරීරය හා ඒ හා බැදුණු ලිංගිකත්වය නැමැති අස්ථීර පටු සීමා මායිම් වලින් ඔබ්බට ගොස් ,ආදරය එහි සැබෑ අරුතින් ප්‍රකාශ වීම ප්‍රායෝගිකව සිදුවිය හැකිද?

උදාහරණයක් ලෙස සාමාන්‍ය ගැහැණියක හා පිරිමියෙකු ආදරයෙන් වෙලී විවාහ දිවියට පත් වීම සලකා බලමු. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයන් හට අනෙකෙකුගේ සිතිවිලි කියවිය නොහැක. එබැවින් සැමියා හට බිරිදගේ හදවතේ තමාට ඇති ආදරය ඇයගේ වචනයෙන්, ඉරියව්වෙන් හා ඉගියෙන් හැරෙන්නට ප්‍රත්‍යක්ෂ ලෙස දැනගත නොහැක.

මෙවිට සාමාන්‍ය පුද්ගලයාගේ මනස හැසිරෙන අයුරු මා දකින්නේ මේ අයුරෙනි. ඔහු තම බිරිදගේ ආදරය අර්ථ දැක්වීමට තම ඉන්ද්‍රීන්ට ගෝචර භෞතික සීමාවකට කොටු වේ. තම බිරිද ලිංගිකව හැසිරෙන්නේ තමා සමග පමණක්ය තවද ඇගේ සිරුරේ අගලක් පාසා දන්නා එකම තැනැත්තා තමා පමණක් වන බවද යන නිගමන වලට එලඹෙන පුරුෂයා තම බිරිදගේ සිරුර කෙරෙහි තමාට ඇති ලිංගික අයිතිවාසිකම මූලික කොට ගෙන ඇගේ සිතෙහි තමාට ඇති ආදරය පිලිබද නිගමන වලට එලඹේ.

නමුත් මෙම නිගමන වලට එලඹෙන ප්‍රවේශය ප්‍රශ්ණ සහගතය. මක්නිසාද යත් ආදරය වැනි ආධ්‍යාත්මික බැදීමක් තහවුරු කිරීමට ලිංගිකත්වය වැනි අතිශය භෞතික පරාමිතියක් උපයෝගී කර ගැනීම නිගමන වල නිරවද්‍යතාවය පිලිබද සැක සංකා මතු කරන බැවිනි.

එහෙත් සාමාන්‍ය පුද්ගලයන් හට මින් ඔබ්බට ගමන් කල නොහැක. ඔවුන්ගේ පැත්තෙන් මෙය සාධාරණය. මක්නිසාද යත් තම සහකාරියගේ/සහකරුගේ සිත දැන ගැනීමට ඔවුන් තුල පරචිත්ත විඥාන ඥාණය නොමැති බැවිනි.

එහෙත් මා කලින් පැවසූ සත්‍ය සිද්ධියේ සැමියා ගණිකාවක් වන තම බිරිදට සත්‍ය වශයෙන්ම ආදරය කරතැයිද, ඇයද පෙරළා ඔහුට තම දිවි දෙවැනි කොට ආලය කරන්නේ ද යැයි මොහොතකට උපකල්පනය කරමු.  එම උපකල්පනය සත්‍ය නම් ඔවුන් දෙපල සැබවින්ම සාමාන්‍ය වෛවාහකයන්ට වඩා ඉහල ආධ්‍යාත්මික තලයක සිටින්නෝ යැයි අපට පිලිගැනීමට සිදුවේ. මක්නිසාද යත් ඔවුන් තම ආදරය තහවුරු කිරීමට භෞතික බැදීම් බාධාවක් නොවුනු බැවිනි. එසේ වී නම්  එය සැබවින්ම එහි නියමාර්ථයෙන්ම දෙහදක යා වීමකි.

එසේ වී නම්  ඔවුනගේ ආදරය ලිංගිකත්වය ඉක්මවා යන්නක් වේ. තම බිරිදගේ රති මඩල වෙනත් පුරුෂයන් දහසකගේ සුසුම් වලින් නැහැවෙද්දී පවා ඇගේ අචල භක්තිය තමාට පමනක් බව සිතන පුරුෂයා එක්කෝ අන්ත මන්ද බුද්ධික මෝඩයෙකි, නැතිනම් අප ඉහත උපකල්පනය කල පරිදි ඔවුන් දෙපළ ආදරයේ භෞතික සීමාවන් ඉක්මවා ගියවුන් විය යුතුය.

7 comments:

  1. නදිර

    මම හිතන්නෙ ඹය දෙකම නෙවේ මම හිතන්නෙ මෙම ජිවිත අරගලය කරගෙන යාමට ඇති කර ගත් හවුලකි.තමන්ගේ ගෑනිගෙ ඇග විකුණාගෙන එයින් ජිවිතය ගෙන යන පිරිමියා ගැහැණිය හා පිරිමියා අතර මැද තත්වයක හෝ එසේ නැතිනම් මානසික රෝගයක් විය යුතුය.

    සාමාන්‍ය වෛවාහකයන්ට වඩා ඉහල ආධ්‍යාත්මික තලයක සිටින්නෝ යැයි අපට පිලිගැනීමට සිදුවේ. මක්නිසාද යත් ඔවුන් තම ආදරය තහවුරු කිරීමට භෞතික බැදීම් බාධාවක් නොවුනු බැවිනි

    මෙම වාක්‍යය හරි අපුරැයි මටත් මගේ ගෑනිව විකුණලා කියන්න පුළුවන් අපි දෙදනා ආදරයේ කෙළ පැමිණි අය වම්හ කියා!!!!!!

    ReplyDelete
  2. හොද ලිපියක්.

    ReplyDelete
  3. ane manda.........

    ReplyDelete
  4. හැමදේම කරන්නේ සල්ලි වලට කියනවලුනේ..

    ReplyDelete
  5. සල්ලි තමයි ඔතන ප්‍රශ්ණේ!

    ReplyDelete
  6. ඇත්ත ......

    ඔය කතාව රහට කියවගෙන ගියාට ඕක කොයිතරං practical ද?
    to see your woman sleeping with another man ...
    and that on a daily basis ...

    කමෙන්ට් එක ලොකුවට ලියන්න ගියත් මගක් යද්දි හිතන්න පෙළබුනා ..

    ReplyDelete
  7. People are not rational. Every one may have contradictions between their thoughts and also between acts. This is also just a one example of them. Another example is that there are parents loves children, but some decisions or actions of theirs cause children trouble.

    ReplyDelete