Tuesday, June 1, 2010

බුද්ධිය ????

බල්ලාට ඇති ඉව අපට තිබේද
ඌට ඇසෙන හඩ අපට ඇසේද
උකුස්සාට පෙනෙන දුර අපට පෙනේද
මිනිසුනි
එසේ නම් ඇයි සිතන්නේ
අප සියල්ල දන්නවුන් කියා
නො එසේ නම්
දැනගැනීමට සුදුස්සන් කියා
බල්ලාට දැනෙන ඉව සීමාසහිත වේද
ඌට ඇසෙන හඩ සීමාසහිත වේද
උකුස්සාට පෙනෙන දුර සීමාසහිත වේද
එසේම අප බුද්ධියද සීමාසහිත වේ
කෙතරම් අනුවණ කමක්ද
අපට ගෝචර නොවන දෑ
මේ සක්වළ අනන්තය
විශ්ව විෂය අචින්ත්‍යය
පිලිගනු
සියල්ල විද්‍යාත්මක නොවන බැව්
සමහර මිත්‍යාවන්
විද්‍යාත්මක බැව්
සත්‍ය සැම විටම
අනාවරණය නොවන බැව්........        
පෙනෙන දෑට සාපේක්ෂව නොපෙනෙන දෑ මහත්ය.....            

2 comments:

  1. ලෝකෙ ගෝලාකාරයි ජීවිත විවිධාකාරයි...

    ReplyDelete
  2. හම්.. ඇත්ත තමා..

    ReplyDelete