Wednesday, April 11, 2018

ගීතයකට අරුතක්

https://www.youtube.com/watch?v=dW03f4wPybA

අලුත විවාපත් ගැහැනියකගේ ඊලග අපේක්ෂාව වන දරු සම්පත්තිය, අහිමි;රූපත් ගැමි ලදකගේ ශෝකය, බලාපොරොත්තු කඩවීම හා හුදකලාව මෙම ගීතය තුලින් ශ්‍රාවකයා හට අතිශය ප්‍රභල ලෙස සන්නිවේදනය කරවයි.
යුග දිවියට පත් වූ අලුත යුවලක් එකිනෙකා කෙරෙහි ආලයෙන් වෙලී ඔවුනොවුන්ගේ උණුසුමෙහි දැවටෙමින් කල් ගත කරනු රිසිහුය. නමුත් මෙහි කියවෙන තරුන ළදට තම ස්වාමියාගේ උණුසුම මේ රාත්‍රියෙහි අහිමිය. ඔහු පැල් රැකීමට ගොසිනි.පුන් සදින් ගලනා සිසිල් රැස් ධාරා හේනේ ඇති බඩඉරිගු කරල් රන්වන් පාට කරමින් වෙලාගන්නේ යම්සේද එසේම එවන් වු උනුසුමකින් මෙම කාන්තාවද තම ස්වාමියගේ මෘදු ස්පර්ශය පතන්නීය.
මෙවන් වූ අහිංසක රාගික නුමුත් ප්‍රේමාන්විත හැගුම් කවියා මනා සංයමයකින් ප්‍රේක්ෂකයා හට සන්නිවේදනය කරන අයුරු අපූර්ව ජනකය.
තම සැමියාගෙන් තමා බලාපොරොත්තු වන උනුසුම නොලැබෙන විට තම චපල සිත ලෝකධර්මතා බිද දමා අන් පහසක් කරා යන්නට හදන උත්සාහය ආයාසයෙන් උවත් මඩින්නට ඇය ගන්න වෙහෙස දෙවෙනි පද පේලි හතරෙන් දැක්වෙයි.ඉගි බිගි පාන නිල් තරු රෑන - ඇයට අනියම් ඇසුරට ලැබෙන ඇරයුම් මෙමගින් දැක්වෙයි. සිරිත වනුයේ සැමියා නැති වෙලේ ගැහැනිය දොර ජනෙල් වසා දමා ගෙතුලට වී සිටීමයි. පිල්කඩ උඩට වී ඉන්නට සිතයි යනුවෙන් දැක්වෙනුයේ අනියම් ඇසුරක් සදහා අගේ යටි සිතෙහි ඇති ආශාවයි.
චපල සිත් ඇතිවීම මනුෂ්‍ය ස්වභාවයයි.අවසාන පද සතරෙන් ඇය තම ස්වාමියාට තම සිතෙහි අති ආදරය ලයාන්විතව ප්‍රකාශ කරයි. තම ස්වාමියා නිදන සයනය ඇය මෙනෙහි කරයි, ඒත් සමගම තමනට තවමත් දරු සම්පත් නැත්තේ ඇයිදැයි ආයාචනාත්මකව විමසයි. දරුවෙකු පිළිසිද ගැනීමට අවශ්‍ය කායික සම්බන්දය ස්වාමියාගෙ රැකියාව නිසා හෝ වෙනයම් කාරනයක්නිසා මැයට අහිමි බව මෙහි ව්‍යංගයයි.