මෙහි කතා නායිකාව වන Constance (Lady Chatterly) ආදර සබදතාවයක් මත තරුණ හමුදා නිලධාරියෙකු (Clifford Chatterly) හා විවාහ වේ. වැඩි කලක් යන්නට මත්තෙන් තරුණ නිලධාරියාට යුධ බිමට පිවිසීමට සිදුවේ. යුධ බිමේදී දරුණු ලෙස තුවාල ලබන ඔහු නැවත තම බිරිද හමුවට පැමිණෙනුයේ ඉනෙන් පහල අක්‍රීය ලිංගික බෙලහීනයෙකු ලෙසය.
තම සැමියාගේ ලිංගික අප්‍රාණිකත්වය නො එසේ නම්, තමාගේ ලිංගික අවශ්‍යතා සන්තර්පණය කිරීමට ඔහුට ඇති නොහැකියාව මත කතා නායිකාව තුල ගොඩනැගෙන ලිංගික නොසන්සුන් බව,කතුවරයා පාඨකයා හමුවට ගෙනෙනුයේ ඇගේ ස්වයංවින්දන චර්යාව නිරූපනය මගිනි. එයිනුදු තෘප්තිමත් නොවන ඈ තම ගෙවත්තේ උයන්පල්ලා (Oliver Mellors) හා ලිංගිකව එක්වීම සිදුවේ. එක් අවස්ථාවක උයන්පල්ලා නිරුවතින් දියනාමින් සිටින විට හොරෙන් ඒ දෙස බලා සිටින ආර්යාව ඔහු හා සිතින් රමණය කරන අතර පසුව ඈ එම දර්ශනය සිහිකරමින් ස්වයං වින්දනයේ යෙදීමෙන් ලිංගික තෘප්තියක් ලබයි.
උයන්පල්ලා එක් අවස්ථාවකදී රති කෙලියෙන් පසුව කතා නායිකාවගේ තන පුඩු හා රති රෝම පෙදෙස මලින් සරසන්නේ, පිරිමියෙකුගේ ප්‍රමුඛ කාර්ය ඉගියෙන් සංකේතවත් කරමිනි.
මෙම ලිංගික අවශ්‍යතාවය මත ගොඩනැගුනු සරාගී සබදතාවය කෙතරම් ප්‍රබල වීද යත් අවසානයේ ඈ තම ආදරබර අබ්බගාත සැමියා හා සියලු සැප සම්පත් හැරපියා උයන්පල්ලා නිසා පිලිසිදගත් දරුවා තම කුස තුල හොවා ගෙන ඔහු හා වාසය තෝරාගනී.
මිනිසාගේ පැවැත්මට ප්‍රධානව අවශ්‍ය වන්නේ ආහාර,ආරක්ෂාව හා ලිංගික තෘප්තියයි. මෙම සාධක සපුරාගැනීමට මිනිසා පොලඹවන ප්‍රාථමික හැගීම් වන බඩගින්න,භය හා කාමාශාව යටපත් කිරීම නිෂ්ඵල බවත් ලිංගිකත්වය යටපත් කිරීමට සමාජ සම්මතයන් අපොහොසත් බවත් කෘතියෙන් ගම්‍යමාන වේ.
මෙම ප්‍රාථමික අවශ්‍යතා සපුරාගැනීම උදෙසා ඇතිවන බැදීම් ඉතාමත් ප්‍රභලය. එවා අනෙක් සියලු බැදීම් හමුවෙ ප්‍රමුඛ වේ. විවාහයක් සාර්ථක කර ගැනීමට ආදරය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ලිංගිකත්වය ඒ තුල අත්‍යවශ්‍ය හා ප්‍රමුඛ මෙහෙවරක් පසු කාලීනව ඉටු කරන බවත් මෙයින් ගම්‍ය වේ. මා නම් දකින්නේ හුදෙක් අඹු සැමි ආදරය යනු ලිංගික උවමනාවන් සාක්ෂාත් කරගැනීමේ පාලමක් බවයි. එනම් ප්‍රමුක වන්නේ ආදරය නොව ලිංගිකත්වය බවයි.
තවද මිනිසා සමාජීයව කෙතරම් දියුණු වූවත් එයට සරිලන සේ කායික පරිනාමයක් සිදු වී නොමැති බවත්, මුල් යුගයේ ගෝත්‍රික සත්වයා හා නූතන මානවයා අතර මූලික අවශ්‍යතා පාලනය අතින් වැඩි වෙනසක් නොමැති බවත් මෙම කෘතියෙන් කියවේ. එනම් ලිංගික ආශාව සමාජ සම්මතය හමුවේ සැගවිය හැකි වුවත් වැලලිය හැකි නොවේ.

