Showing posts with label opinion. Show all posts
Showing posts with label opinion. Show all posts

Saturday, June 19, 2010

සැමියා, බිරිද හා ගණිකාව

මෙම ලිපිය ලිවීමට වස්තු බීජය වූයේ කලකට ඉහත පුවත්පතක පළවූ සත්‍ය සිද්ධියකි.
ඔහුගේ බිරිද ගණිකාවක් වූවාය. ඔහු ඒ පිලිබදව දැනුවත්ව සිටි අයෙකි. විශේෂත්වය වූයේ තම බිරිදගේ පහස ලබනු රිසි සේවාදායකයන් (customers ලා) තම බිරිද හමුවට ගෙන ගියේ ඔහු විසින් ඔහුගේම ත්‍රීරෝද රථයෙන් වීමයි. සියලු කටයුතු සම්බන්ධීකරණය වන්නේ ඔහු අතිනි. පුවත්පතේ පළවූ ආකාරයට නම් ඔවුන් "යහපත්" පවුල් ජීවිතයක් ගත කරති.

මෙහිදී මා විසින් අදාල සැමියාගේ අරමුණු පිලිබද විග්‍රහයකට යෑමට නොසිතමි. ඔහුගේ අරමුණ බලහත්කාරයෙන් බිරිදගේ ඇග මස විකුණා තම වුවමනාවන් සපුරා ගැනීමද නැතිනම් තම බිරිද වෙනත් පුරුෂයෙකු හා ලිංගිකව හැසිරෙනු දැක ආතල් එකක් ගැනීමද නැතිනම් වෙනත් අරමුණක් ඇතිවද යන්න මා නොදනිමි. එහෙත් ලිපියේ අදාල සැමියා විසින් කරතිබූ පාපොච්චාරණයෙන් මට හැගී ගියේ පහසු හා හොද ආදායම් මාර්ගයක් නිසා දෙදෙනාම සහයෝගයෙන් මෙය කරගෙන යන බවකි.

මෙම ලිපිය කියවූ කල මා තුල ඇති වූයේ මෙවන් අදහසකි. තම බිරිද ගණිකාවක් වුවත් එය තුට්ටුවකට මායිම් නොකොට ඇය හට හදවතින්ම ආදරය කිරීම සාමාන්‍ය පුද්ගලයෙකුට කල හැකිද යන්නයි. දෙහදක් ආදරයෙන් එක් වූ විට එම ආදරය ආධ්‍යාත්මික තලයකට ඔසවා තබන්නට සමත් වන ගැහැණු පිරිමි වන්නේ නම් ඒ බොහෝ කලාතුරකිනි. ශරීරය හා ඒ හා බැදුණු ලිංගිකත්වය නැමැති අස්ථීර පටු සීමා මායිම් වලින් ඔබ්බට ගොස් ,ආදරය එහි සැබෑ අරුතින් ප්‍රකාශ වීම ප්‍රායෝගිකව සිදුවිය හැකිද?

උදාහරණයක් ලෙස සාමාන්‍ය ගැහැණියක හා පිරිමියෙකු ආදරයෙන් වෙලී විවාහ දිවියට පත් වීම සලකා බලමු. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයන් හට අනෙකෙකුගේ සිතිවිලි කියවිය නොහැක. එබැවින් සැමියා හට බිරිදගේ හදවතේ තමාට ඇති ආදරය ඇයගේ වචනයෙන්, ඉරියව්වෙන් හා ඉගියෙන් හැරෙන්නට ප්‍රත්‍යක්ෂ ලෙස දැනගත නොහැක.

මෙවිට සාමාන්‍ය පුද්ගලයාගේ මනස හැසිරෙන අයුරු මා දකින්නේ මේ අයුරෙනි. ඔහු තම බිරිදගේ ආදරය අර්ථ දැක්වීමට තම ඉන්ද්‍රීන්ට ගෝචර භෞතික සීමාවකට කොටු වේ. තම බිරිද ලිංගිකව හැසිරෙන්නේ තමා සමග පමණක්ය තවද ඇගේ සිරුරේ අගලක් පාසා දන්නා එකම තැනැත්තා තමා පමණක් වන බවද යන නිගමන වලට එලඹෙන පුරුෂයා තම බිරිදගේ සිරුර කෙරෙහි තමාට ඇති ලිංගික අයිතිවාසිකම මූලික කොට ගෙන ඇගේ සිතෙහි තමාට ඇති ආදරය පිලිබද නිගමන වලට එලඹේ.

නමුත් මෙම නිගමන වලට එලඹෙන ප්‍රවේශය ප්‍රශ්ණ සහගතය. මක්නිසාද යත් ආදරය වැනි ආධ්‍යාත්මික බැදීමක් තහවුරු කිරීමට ලිංගිකත්වය වැනි අතිශය භෞතික පරාමිතියක් උපයෝගී කර ගැනීම නිගමන වල නිරවද්‍යතාවය පිලිබද සැක සංකා මතු කරන බැවිනි.

එහෙත් සාමාන්‍ය පුද්ගලයන් හට මින් ඔබ්බට ගමන් කල නොහැක. ඔවුන්ගේ පැත්තෙන් මෙය සාධාරණය. මක්නිසාද යත් තම සහකාරියගේ/සහකරුගේ සිත දැන ගැනීමට ඔවුන් තුල පරචිත්ත විඥාන ඥාණය නොමැති බැවිනි.

එහෙත් මා කලින් පැවසූ සත්‍ය සිද්ධියේ සැමියා ගණිකාවක් වන තම බිරිදට සත්‍ය වශයෙන්ම ආදරය කරතැයිද, ඇයද පෙරළා ඔහුට තම දිවි දෙවැනි කොට ආලය කරන්නේ ද යැයි මොහොතකට උපකල්පනය කරමු.  එම උපකල්පනය සත්‍ය නම් ඔවුන් දෙපල සැබවින්ම සාමාන්‍ය වෛවාහකයන්ට වඩා ඉහල ආධ්‍යාත්මික තලයක සිටින්නෝ යැයි අපට පිලිගැනීමට සිදුවේ. මක්නිසාද යත් ඔවුන් තම ආදරය තහවුරු කිරීමට භෞතික බැදීම් බාධාවක් නොවුනු බැවිනි. එසේ වී නම්  එය සැබවින්ම එහි නියමාර්ථයෙන්ම දෙහදක යා වීමකි.

එසේ වී නම්  ඔවුනගේ ආදරය ලිංගිකත්වය ඉක්මවා යන්නක් වේ. තම බිරිදගේ රති මඩල වෙනත් පුරුෂයන් දහසකගේ සුසුම් වලින් නැහැවෙද්දී පවා ඇගේ අචල භක්තිය තමාට පමනක් බව සිතන පුරුෂයා එක්කෝ අන්ත මන්ද බුද්ධික මෝඩයෙකි, නැතිනම් අප ඉහත උපකල්පනය කල පරිදි ඔවුන් දෙපළ ආදරයේ භෞතික සීමාවන් ඉක්මවා ගියවුන් විය යුතුය.

Wednesday, June 16, 2010

ඊර්ෂ්‍යාව

Overcoming Jealousy and Possessivenessඊර්ෂ්‍යාව මිනිස් සන්තානයේ ලැගුම් ගත් විකෘති හැගුම් සමුදායකි. එය පැසවමින් තිබෙන ලෝදිය වැනිය. ඊර්ෂ්‍යාවෙන් පෙළන ලද තැනැත්තෙක් හට හරිහැටි නින්දක් නැත. කන බොන දෙයක් ඇගට අල්ලන්නේ නැත. ශරීරය කෘෂ වේ. අවසානයේදී ඊර්ෂ්‍යාව නැමති ගින්න විසින් ඔහුව දවා හළු කරනු ලැබේ.

මේ ඊර්ෂ්‍යාවේ යථා ස්වභාවයයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව මෙම විරූපී යක්ෂයා සැම දෙනා තුලම අඩු වැඩි වශයෙන් පවතී.

ඊර්ෂ්‍යාව නිසා අනුන්ට වන හානියක් නොමැත. හානිය, වේදනාව තමන්ටමය. එහි කෙළවර වන්නේ ශාරීරික හෝ මානසික ආබාධයකි. ඊර්ෂ්‍යාව හමුවේ මිනිස් සිතේ තර්කණය හෙවත් හේතු යුක්ත බව නැති වී යයි. එහි ප්‍රතිඵලය ඊර්ෂ්‍යාව වෛරයක් බවට පෙරලීමයි.

සමහර ආදරවන්තයන් තම පෙම්වතිය වෙනත් පිරිමියෙකු හා කතා කරනවාටත් අකමැතිය. තවත් සමහරුන් තමා ආදරය කරන තැනත්තිය තමාට පෙරළා ආදරය නොකරන විට වේදනාවට පත් වේ. ඔහුගේ සිත තුල ඇය කෙරෙහි ඊර්ෂ්‍යාවක් හට ගනී. ඇයට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතයි.  ඊර්ෂ්‍යාව වෛරයකට පෙරළේ. මෙවිට ඇයට තම ආදරය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු අයිතියක් නැතැයි සිතන්නට පටන් ගනී. තමා ප්‍රතික්ෂේප වන්නට සාධාරණ හේතු ඇයට නැතැ යි සිතයි.

නමුත් ඇත්තටම ඔබ යම් අයෙකුට ආදරය කරන්නේ නම් ඔහුගේ/ඇයගේ තීරණය ඔබ ප්‍රශ්ණ නොකල යුතුය. ඇයට/ඔහුට තම ජීවන සහකරු/සහකාරිය තෝරා ගැනීමට පූර්ණ නිදහස තිබිය යුතුය. කිසිම කෙනෙකුට තවත් කෙනෙකුගේ ජීවිත පාලනය කිරීමට අයිතියක් නැත. ස්වාමිපුර්ෂයාට වුවත් තම බිරිදගේ ජීවිතය පාලනය කිරීමේ අයිතියක් නැත. එය සාධාරණ නොවේ.

ඊර්ෂ්‍යාව පිලිබද පර්යේෂණ කරන මනෝ විද්‍යාඥයන් පවසන්නේ, ගැහැණු සහ පිරිමින්ගේ ඊර්ෂ්‍යාවේ ස්වභාවය පිලිබද වෙනස්කම්, පරිනාමික බලපෑමක් මත සිදු වූ බවයි.

උදාහරණයක් ලෙස පිරිමින් තම සහකාරියගේ ලිංගික පක්ෂපාත භාවය පිලිබද, හැගීම් වල පක්ෂපාත භාවයට වඩා වැඩියෙන් සැලකිලිමත් වේ. එනම් ඔහුට වඩා වැදගත් වන්නේ ගැහැණිය තමා හා පමණක් ලිංගිකව එක්වන්නේද නැද්ද යන්න පමණි. ඇය සිතින් වෙනකෙකුට ලැදියාවක් දැක්වීම ඔහුට වැදගත් වන්නේ අඩුවෙනි.
අනික් අතට ගැහැණිය තම ආදරවන්තයාගේ හැගීම් හා සිතුවිලි කෙරෙහි වඩා සැලකිලිමත් වේ. ඇයට ඔහුගේ සම්පූර්න ආදරය අවශ්‍යය. ලිංගිකත්වය කෙරෙහි ඇගේ අවධානය සාපේක්ෂ්ව අඩුය. එනම් ඔහු සිතින් වෙන ලදක් ප්‍රිය කරන්නේ නම් ඇය ඊර්ෂ්‍යාවෙන් පුපුරයි.

මෙයට හේතු තිබේ. පරිනාමිකව පිරිමියාට වඩාත් වැදගත් වන්නේ තම ජනිතයන් තමාගේද නැද්ද යන්න යි. ඔහුට පිටස්තර ජාන ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නැත. තම ගැහැණිය වෙනත් පුරුෂයෙකු හා ලිංගිකව හැසිරුනහොත් ඔහුට දරුවන් තමාගේම ජනිතයන් දැයි සැකයක් ඇති වීම සාධාරනය. ඔහුට ඊර්ෂ්‍යාව ඇති වන්නේ මෙම පදනම මතය.

අනෙක් අතට ගැහැණිය තමා බිහිකල දරුවන් තමාගේ බව හොදාකාරවම දනී. දරුවන්ගේ පියාද ඇය දන්න නිසා තමාගේ ජනිතයන් කවුරුන් දැයි ඇයට ගැටලුවක් නැත. ඇයට වැදගත් වන්නේ තමා හා තම ජනිතයන් රැක බලා ගන්නා පිරිමියා හා ඇති ච්ත්තවේගී (emotional) සබදතාවය පවත්වාගැනීමයි. වෙනත් ගැහැණියක් ඒ අතරට පැමිනියහොත් තමාට ලැබෙන රැකවරණය අහිමි වීම ගැහැණියගේ ඊර්ෂ්‍යාවට පදනමයි.

පරිනාමිකව කෙසේ වෙතත් හැම ආකාරයකින්ම ඊර්ෂ්‍යාව හානිදායකය. එම නිසා හැකි තරම් එවැනි හැගීම් වලින් තොරව ජීවත් වීම කාට කාටත් හොදය.

Monday, June 7, 2010

නවක වධය

ඉහල පන්ති වල හෙද සිසුන් පිරිසක් නවක හෙද සිසුවිය වට කර ගති. ඇය ඉදිරිපිට කුසගිනි නිවාගැනීම සදහා වූ දහවල් බත් පත විය. වධකයන් ඇගේ බත් පත සම්පූර්ණයෙන්ම වැසෙන සේ කෙළ ගැසූහ. "හා දැන් කාපන්" ‍යැයි අණ කලහ. ඈ එය ප්‍රතික්ෂේප කල විට, ඇගේ කෙස් වැටියෙන් අල්ලා මුහුණ බත් පතේ ඔබා ඇයට බලහත්කාරයෙන් කෙල වලින් බරිත වූ බත් පත ගිල්ලවීය. පිළිකුල දරාගත නොහැකි තැන වමනය කල ඈ ඉන් පසු රෝහල් ගත කෙරිණි.

මෙය ප්‍රබන්ධයක් නොවේ. සත්‍ය සිද්ධියකි. ශිෂ්ඨ සම්පන්න ලාංකීය සමාජයේ වනචාරී පැතිකඩකි. දුරාතීතයේ, එනම් ගෝත්‍රික සමාජයේ පැවති සිරිතක් වූයේ තම ගෝත්‍රයට වැඩිහිටියෙක් ලෙස ඇතුලු වන පුද්ගලයෙකු වධයට පත් කිරීමයි. ඔහු ගෝත්‍රයේ සාමාජිකයෙකු ලෙස පිලිගැනුනේ මෙම වධයට භාජනය කිරීමෙන් පසුවය. මෙම ම්ලේච්ඡ චාරිත්‍රය නූතන ශිෂ්‍ය ප්‍රජාව තුල නවක වධය ලෙස මුල් බැසගෙන ඇත.

මීට අවුරුදු කීපයකට පෙර සිදු වූ සීද්ධියක් විස්තර කරනු කැමැත්තෙමි. මෙය එකල ජනමාධ්‍ය තුල රාව ප්‍රතිරාව දුන් අනුවේදනීය සිද්ධියක් විය. නවක සරසවි ශිෂ්‍යාවක් වූ ඇය නවක වධයට බදුන් වීම ප්‍රතික්ෂේප කලාය. වධකයන් ඇගේ නේවාසිකාගාර කුටියට බලෙන් ඇතුලු වීමට යත්න දරද්දී මේ අහිංසක කෙල්ල මහල් ගොඩනැගිල්ලක් වූ නේවාසිකාගාර ජනේලයෙන් බිමට පැන්නාය. එය ඇගේ ජීවිතය අබල කල පිම්මක් විය. සුෂුම්නාවට සිදු වූ හානි නිසාවෙන් සදහටම ඇගේ පහල ගාත්‍රා අප්‍රාණික විය.

මෙම නවක වධය දෙනවුන් (වධකයන්) මානසික රෝග වලින් පෙලෙන්නවුන්ය. වඩාත් සුලභ පරපීඩා කාමුකත්වයයි. එහි ප්‍රතිවිරුද්ධ ආකාරය ස්වපීඩා කාමුකත්වයයි. කොළඹට ආසන්න නගරයක විශේෂිත වූ ගණිකා නිවාස කීපයක් ඇත. මේවයේ රු.1000 දුන් විට අදාල පුද්ගලයාට කාන්තාවක් නිරුවත් කර කසයකින් සිත් සේ පහර දීමට හැකිය. ගණිකාව විදින වේදනාව වින්දනය කරමින් ඔහු සුරතාන්තයට ලගා වේ.  මොවුනට සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් ලිංගික ඇසුරකින් තෘප්තිමත් නොවිය හැකි අතර, තවත් කෙනෙකු පීඩාවට පත් කර තම අස්වාභාවික මනදොළ සපුරා ගනී. ස්වපීඩා කාමුකයින් ට රු.1000 දී නිරුවත් කාන්තාවක් ලවා තමන්ට කස පහර ගස්සවාගත හැකිය. ඔහු ලිංගිකව අවදි වන්නේ ඒ අයුරෙනි.

නිවැරදි ලෙස නම් සිදුවිය යුත්තේ මෙම වධකයන් හදුනාගෙන ඔවුන් ප්‍රතිකාර සදහා මානසික රෝග පිලිබද වෛද්‍යවරයෙකුට යොමු කිරීමයි. මෙවන් අස්වාභාවික, විකෘති මානසිකත්වයන් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල වැනි දැනුම, ආකල්ප, කුසලතා හා හැදියාව උසස් තලයක ඇතැයි අපේක්ෂා කරන ස්ථාන වලට කිසිසේත්ම උචිත නොවේ.

මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වූ මානසික රෝග පිලිබද විශේෂඥ්‍ය වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කලේ නවක වධය නිසා රෝගී වන විශ්ව විද්‍යාල ළමුන් දෙදෙනෙකුවත් අඩුමතරමේ සතියකට තම හමුවට පැමිනෙණ බවයි. සමහර දක්ෂ ළමුන් විශ්ව විද්‍යාල ගමනට ආයුබොවන් කියනුයේ මෙම නවක වදයට මුහුන දීමට නොහැකි බැවිනි. ඒ අහිංසක ළමුන් අත වරදක් නැත. කොහොමත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන් හට වනචාරී ම්ලේච්ඡයන් සමග ජීවත් විය නොහැක. එක්කෝ වනචාරීන් ශිෂ්ඨ විය යුතුය, නො එසේ නම් උන් එලවා දැමිය යුතුය. මා නම් යෝජනා කරන්නේ මේ තක්කඩියන් විශ්ව විද්‍යාල පද්ධතියෙන් නෙරපා දැමිය යුතු බවයි.

මෙම ම්ලේච්ඡ ක්‍රියාව වහාම නැවැත්වීමට බලධාරීන් වහාම පියවර ගත යුතුය. එසේ නොවුනහොත් තවත් අහිංසකයන් ගණනාවකගේ ජීවිත අදුරු විය හකිය.

Friday, April 9, 2010

Psychology and the students


 The mental disorders among the students are on the up......

 I was quite alarmed to read this caption in a newspaper. It is understandable that the pressure on the younger generation in today is quite unbearable. Though we cannot pinpoint these are the exact reasons for them to become victims of mental illnesses...we can be sure there are a whole lot of them which we are not yet aware of..

In a culture like Sri lanka there is always pressure behind the students to excell in their studies.They are usually compelled to follow in prescribed subjects whether they like it or not.They are expected to become doctors, engineers,accountants and lawyers.But most of the students find it hard to cope with the subjects forced upon them.
Some bright students also may become victims of mental pressure because they are expected to perform better and continue their academic performance.The peer pressure is too much to bear for some of them.

If we can reform the education system in Sri lanka to a system which identifies the talents of students and show them the path in those respective feilds we can be more successful..Some students are talented in sports than in academics.Some students have an inborn talent for art and literature than science. Some students have talent in photography.It is the responsibility of the authorities to take a complete U turn from this current education system and move towards a much more dynamic one.

Otherwise there would be much more dire consequences.....