Monday, June 7, 2010

නවක වධය

ඉහල පන්ති වල හෙද සිසුන් පිරිසක් නවක හෙද සිසුවිය වට කර ගති. ඇය ඉදිරිපිට කුසගිනි නිවාගැනීම සදහා වූ දහවල් බත් පත විය. වධකයන් ඇගේ බත් පත සම්පූර්ණයෙන්ම වැසෙන සේ කෙළ ගැසූහ. "හා දැන් කාපන්" ‍යැයි අණ කලහ. ඈ එය ප්‍රතික්ෂේප කල විට, ඇගේ කෙස් වැටියෙන් අල්ලා මුහුණ බත් පතේ ඔබා ඇයට බලහත්කාරයෙන් කෙල වලින් බරිත වූ බත් පත ගිල්ලවීය. පිළිකුල දරාගත නොහැකි තැන වමනය කල ඈ ඉන් පසු රෝහල් ගත කෙරිණි.

මෙය ප්‍රබන්ධයක් නොවේ. සත්‍ය සිද්ධියකි. ශිෂ්ඨ සම්පන්න ලාංකීය සමාජයේ වනචාරී පැතිකඩකි. දුරාතීතයේ, එනම් ගෝත්‍රික සමාජයේ පැවති සිරිතක් වූයේ තම ගෝත්‍රයට වැඩිහිටියෙක් ලෙස ඇතුලු වන පුද්ගලයෙකු වධයට පත් කිරීමයි. ඔහු ගෝත්‍රයේ සාමාජිකයෙකු ලෙස පිලිගැනුනේ මෙම වධයට භාජනය කිරීමෙන් පසුවය. මෙම ම්ලේච්ඡ චාරිත්‍රය නූතන ශිෂ්‍ය ප්‍රජාව තුල නවක වධය ලෙස මුල් බැසගෙන ඇත.

මීට අවුරුදු කීපයකට පෙර සිදු වූ සීද්ධියක් විස්තර කරනු කැමැත්තෙමි. මෙය එකල ජනමාධ්‍ය තුල රාව ප්‍රතිරාව දුන් අනුවේදනීය සිද්ධියක් විය. නවක සරසවි ශිෂ්‍යාවක් වූ ඇය නවක වධයට බදුන් වීම ප්‍රතික්ෂේප කලාය. වධකයන් ඇගේ නේවාසිකාගාර කුටියට බලෙන් ඇතුලු වීමට යත්න දරද්දී මේ අහිංසක කෙල්ල මහල් ගොඩනැගිල්ලක් වූ නේවාසිකාගාර ජනේලයෙන් බිමට පැන්නාය. එය ඇගේ ජීවිතය අබල කල පිම්මක් විය. සුෂුම්නාවට සිදු වූ හානි නිසාවෙන් සදහටම ඇගේ පහල ගාත්‍රා අප්‍රාණික විය.

මෙම නවක වධය දෙනවුන් (වධකයන්) මානසික රෝග වලින් පෙලෙන්නවුන්ය. වඩාත් සුලභ පරපීඩා කාමුකත්වයයි. එහි ප්‍රතිවිරුද්ධ ආකාරය ස්වපීඩා කාමුකත්වයයි. කොළඹට ආසන්න නගරයක විශේෂිත වූ ගණිකා නිවාස කීපයක් ඇත. මේවයේ රු.1000 දුන් විට අදාල පුද්ගලයාට කාන්තාවක් නිරුවත් කර කසයකින් සිත් සේ පහර දීමට හැකිය. ගණිකාව විදින වේදනාව වින්දනය කරමින් ඔහු සුරතාන්තයට ලගා වේ.  මොවුනට සාමාන්‍ය පුද්ගලයන්ට මෙන් ලිංගික ඇසුරකින් තෘප්තිමත් නොවිය හැකි අතර, තවත් කෙනෙකු පීඩාවට පත් කර තම අස්වාභාවික මනදොළ සපුරා ගනී. ස්වපීඩා කාමුකයින් ට රු.1000 දී නිරුවත් කාන්තාවක් ලවා තමන්ට කස පහර ගස්සවාගත හැකිය. ඔහු ලිංගිකව අවදි වන්නේ ඒ අයුරෙනි.

නිවැරදි ලෙස නම් සිදුවිය යුත්තේ මෙම වධකයන් හදුනාගෙන ඔවුන් ප්‍රතිකාර සදහා මානසික රෝග පිලිබද වෛද්‍යවරයෙකුට යොමු කිරීමයි. මෙවන් අස්වාභාවික, විකෘති මානසිකත්වයන් ඇති පුද්ගලයන් විශ්ව විද්‍යාල වැනි දැනුම, ආකල්ප, කුසලතා හා හැදියාව උසස් තලයක ඇතැයි අපේක්ෂා කරන ස්ථාන වලට කිසිසේත්ම උචිත නොවේ.

මෑතකදී රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වූ මානසික රෝග පිලිබද විශේෂඥ්‍ය වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කලේ නවක වධය නිසා රෝගී වන විශ්ව විද්‍යාල ළමුන් දෙදෙනෙකුවත් අඩුමතරමේ සතියකට තම හමුවට පැමිනෙණ බවයි. සමහර දක්ෂ ළමුන් විශ්ව විද්‍යාල ගමනට ආයුබොවන් කියනුයේ මෙම නවක වදයට මුහුන දීමට නොහැකි බැවිනි. ඒ අහිංසක ළමුන් අත වරදක් නැත. කොහොමත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන් හට වනචාරී ම්ලේච්ඡයන් සමග ජීවත් විය නොහැක. එක්කෝ වනචාරීන් ශිෂ්ඨ විය යුතුය, නො එසේ නම් උන් එලවා දැමිය යුතුය. මා නම් යෝජනා කරන්නේ මේ තක්කඩියන් විශ්ව විද්‍යාල පද්ධතියෙන් නෙරපා දැමිය යුතු බවයි.

මෙම ම්ලේච්ඡ ක්‍රියාව වහාම නැවැත්වීමට බලධාරීන් වහාම පියවර ගත යුතුය. එසේ නොවුනහොත් තවත් අහිංසකයන් ගණනාවකගේ ජීවිත අදුරු විය හකිය.

7 comments:

  1. අපූරු ලිපියක්!!

    ඔබ හරි,මම වනචාරීන් එලවාදැමීම යෙහෙයි!!! සහ ඒ සඳහා මෙවර විශේෂ කෙටුම්පතක් සහ නීති පද්ධතියක් හඳුන්වාදෙන බවට ආරංචියක් ලැබුණා.ඒක අපේ රටේ උසස් අධ්‍යාපනේ ඉදිරිගමනට සුබ ලකුණක්!!

    ReplyDelete
  2. අනිවාර්යයෙන් සිදුවිය යුත්තක්..

    ReplyDelete
  3. නවක වදය කියන එක නීතියෙන්ම තහනම් කල යුතුයි.

    ReplyDelete
  4. ඔබේ අදහසට සම්පූර්ණයෙන් එකඟයි. නවක ශිෂ්‍ය නම්නීකරණය කියලා කරන ප්‍රෝඩාව නවත්තලා එකිනෙකා අතර සුහදතාව ඇතිකරන වැඩසටහනක් සෑම විශ්ව විද්‍යාලයකම ක්‍රියාත්මක වෙන්න ඕනේ

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මමත් පෞද්ගලිකව නවක "වධය"ට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒත් හසිත සහෝදරයා කිව්ව වගේ නවකයන් හඳුනාගැනීමට, එකිනෙකා අතර සහෝදරත්වය වර්ධනය කරන "වධය"ක් නොවන වැඩ පිලිවෙලක් විශ්ව විද්‍යාල තුල පවතින්නම ඕන. නැත්තම් ඉතින් විශ්ව විද්‍යාල තුල ආරවුල් ඇතිවීම් වළක්වන්න බැරි වෙනවා. ඒ වගේම විශ්ව විද්‍යාල තුලදි බොහෝ දෙනෙකුට තමන්ට පාසල් කාලය තුළ නොලැබුණු අසීමිත නිදහසක් ලැබෙනවා. එය අනිසි අයුරින් ප්‍රයෝජනයට ගැනීම වළක්වන්නට දැනුවත් කිරීමක් අවශ්‍යය බවයි මගේ හැඟීම.

    ReplyDelete