Monday, May 31, 2010

HARD TIMES

frustration building up
burning my insides
feels numb
feels cold hatred
towards them 
who steer my life


aimless and pointless
lifeless life
you are killing me
slowly
but surely


who is responsible
heart says they are
but my head 
says no
you are

Saturday, May 29, 2010

ඇබැද්දිය

මාර වැඩක් තමා වුනේ. ඔයාල දන්නවනෙ සමහර බ්ලොග්ස් වල template  එක blogger වලින් දෙන ඒවට වඩා වෙනස් නේ. ඉතින් මටත් හිතුනා මගේ බ්ලොග් එකටත් ලස්සන template එකක් දාගන්න. ඔන්න ඉතින් search කරල ලස්සන template එකක් හොයාගත්තයි කියමුකෝ. මම ඉතින් මේ cyber  space එකට ආධුනිකයි නෙ. ඉතින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ template එක add කරා. ඒත් මට ඕන සමහර widgets ඒ template එකේ තිබුනෙ නෑ. ඉතින් ආපහු ඉස්සෙල්ල තිබුන template එකට මාරු වුනා. එතකොට තමයි තරු පෙනුනෙ. ඒක use කරාට එකේ සමහර widgets වැඩ කරන්නෙ නෑ. පස්සෙ දන්න හැම සෙල්ලමක් ම දාල බැලුව. ඒත් හරිගියේ නෑ. මම දෙන අවවාදය තමයි ඔය HTML code වෙනස් කරන්න ඉස්සෙල්ල ඒව download කරගන්න කියන එක. නැත්තම් මාර කට්ටක් තමා කන්න වෙන්නෙ.

ඔයලට ලස්සන template ඕනනම් මෙතන කොටන්න.

කරන්න ඕන මෙච්චරයි.

1.ඕන කරන template එක download කරගන්න.
2.ඔය download කරපු file එක තියෙන්නෙ zip file එකක් විදියට. ඒක නිසා ඒක extract කරගන්න.
3.ඊට පස්සෙ blogger dashboard එකට ගිහිල්ලා එතනින් > layout > edit HTML යන්න.
4.දැන් තියෙන template එක ඉස්සෙල්ල download කරගන්න.
5.දැන් අර අලුත් template එක open කරල upload කරන්න.
6.කොහොමද බඩු වැඩ නේ.
ඔන්න මමත් හාපුරා කියලා..සින්ඩියට add වුනා. මාර happy මුලින් try එකක් දුන්නට හරි ගියේ නෑ. මම කඩ්ඩත් පොඩ්ඩක් පාවිච්චි කරනවනෙ, ඒක නිසා සිංහල RSS feed එකක් දාගන්න වුනා. ඕක දාගන්න හෙන ගේමක් දුන්නා. මට මුලින් තේරුනේ නෑ මොකද්ද මේ gadjet එක කියල. පස්සෙ ශාකුන්තල එවපු mail එකෙන් තමා වැඩේ තේරුනේ. ඔන්න එහෙනම් මගේ බ්ලොග් එකත් ඉදල හිටල කියවන්න.....

Friday, May 21, 2010

තරුවක් විසින් ග්‍රහයෙක් ආහාරයට ගැනීම

මේක පලවුනේ නාසා වෙබ් අඩවියේ.....මේ ග්‍රහයා එහි මවු තාරකාවට ඉතා සමීපව පිහිටීම තමයි මේකට හේතුව. මේ නිසා ග්‍රහයා ඉතා අධික උෂ්ණත්වයක තමා තියෙන්නෙ. මේ ග්‍රහයා මත බලපවත්වන අධික ගුරුත්ව බලය නිසා මේ ග්‍රහයාගෙ ද්‍රව්‍ය අර තරුව විසින් ඇදල ගන්නව...විද්‍යඥයො අනුමාන කරනව තව අවුරුදු මිලියන 10,000 කින් මේ ග්‍රහයා තරුව විසින් මුලුමනින්ම කාලා දාවි කියලා.

සූර්ය කෝෂයක ක්‍රියාකාරීත්වය



සූර්ය කෝෂ මගින් සූර්ය ශක්තිය විද්යුත් ශක්තිය බවට පෙරලන අතර, මේ සදහා භාවිතා වන මූලධර්මය වන්නේ ප්‍රකාශ විද්යුත් ආචරණයයි. ප්‍රකාශ විද්යුත් ආචරනය යනු ආලෝකය හමුවේ ද්‍රව්‍ය මගින් ඉලෙක්ට්‍රෝන මුක්ත කිරීමේ හැකියාවයි. මෙම සූර්ය කෝෂ ගණක යන්ත්‍ර වල සිට චන්ද්‍රිකා දක්වා විශාල පරාසයක භාවිතයට ගැනේ.

සිලිකන් යන අර්ධ සන්නායකය ප්‍රකාශ විද්යුත් කෝෂ වල ප්‍රධාන සංඝටකයකි. අර්ධ සන්නායකයක ඇති විශේෂත්වය නම් ඒවාට ලෝහ සහ විද්යුත් පරිවාරක යන දෙවිදියටම හැසිරීමට ඇති හැකියාවයි. ප්‍රකාශ විද්යුත් කෝෂයක් මතට ආලෝකය වැටුනු විට සිදු වනුයේ කුමක්ද?

හිරුගෙන් නිකුත් වන විකිරණ (ආලෝකය ඇතුලුව ) සෑදී ඇත්තේ ඉතා කුඩා ෆෝටෝන වලිනි. මෙම ෆෝටෝන සිලිකන් පරමාණු හා ඝට්ටනය වීමේ ප්‍රතිඵලයක් ලෙස සිලිකන් පරමාණු වල ලිහිල්වම බැදී ඇති ඉලෙක්ට්‍රෝන නිදහස් වීම සිදුවේ. මෙහිදී සිදුවන්නේ ෆෝටෝන වල ශක්තිය ඉලෙක්ට්‍රෝන වලට මාරු කිරීමයි.

ඉන්පසු මෙම මුක්ත ඉලෙක්ට්‍රෝන විද්යුත් ධාරාවක් බවට සකසා ගත යුතුය. එය සිදු කරනුයේ කෝෂය තුල විද්යුත් අසමතුලිත බවක් ඇති කිරීමෙනි. එය ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගමන් කරවීම සදහා උපකාරී වන බෑවුමක් වැනිය.

මෙම අසමතුලිත බව ඇති කරගනුයේ සිලිකන් වල අභ්‍යන්තරයේ සිදු කරන වෙනස්කමක් මගිනි. සිලිකන් පරමානු දැලිසක් ලෙස සකස් වී ඇත. දැලිසක් යනු පරමානු ඉතා තදින් බැදි ව්‍යුහයකි. මෙම ව්‍යුහයට වෙනත් මූලද්‍රව්‍ය ඉතා සුලු ප්‍රමාණ වලින් එක් කිරීමෙන් වර්ග 2 ක ව්‍යුහයන් සාදා ගනී. එවා n-type ( ඉලෙක්ට්‍රොන අතිරික්තයක් ඇති ) හා p-type ( ඉලෙක්ට්‍රෝන අඩු,ඒ වෙනුවට කුහර ඇති ) වේ.

මෙම වර්ග දෙක සූර්ය කෝෂයක් තුලදී එක් කල විට n-type හි අමතර ඉලෙක්ට්‍රෝන p-type ඇති කුහර පිරවීමට මාරු වීම සිදුවේ. මෙවිට n-type ධන ලෙස ආරෝපනය වන අතර p-type ඍණ ලෙස ආරෝපනය වේ. මේ නිසා කෝෂය හරහා විද්යුත් ක්ෂෙත්‍රයක් ඇති වේ. සිලිකන් වලට විද්යුත් පරිවාරකයක් ලෙස ක්‍රියා කල හැකි නිසා එයට මෙම අසමතුලිත බව පවත්වාගත හැකි වේ.

මෙම විද්යුත් ක්ෂෙත්‍රය නිසා ෆෝටෝන මගින් මුක්ත වූ ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ක්‍රමානුකූලව ගමන් කරමින් විවිධ උපකරණ ක්‍රියා කිරීමට අවශ්‍ය විදුලිය සපයාදෙයි.

Wednesday, May 19, 2010

දවසක් පැල නැති හේනේ ....

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ




නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ




කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ




පද රචනය - රන්බංඩා සෙනෙවිරත්න
සංගීතය   - විශාරද ගුණදාස කපුගේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ


සිංහල ගීත කලාව පෝෂණය කල සුසුම සංයෝගයක විශිෂ්ට භාව පූර්ණ නිර්මානයක් වූ මෙම ගීතය ඇසුවන් හද සියුම්ව ස්පර්ශ කරමින් ශ්‍රාවකයා වෙනමම වූ මනෝ භාවයකට රැගෙන යයි.මවකගේ අපරිමිත සෙනෙහස මොනවට විදහා දක්වමින් රංබන්ඩා සෙනෙවිරත්නයන් පද පෙලහර කරන අයුරු ශ්‍රවකයා තුල අපූර්වත්වයක් ජනිත කරයි.මා සිතන පරිදි සිංහල ගීත කලාවේ අතිශය ගැඹුරුතම එමෙන්ම එකම පිරිමි කටහඩ හිමි ගායකයා වන ගුණදාස කපුගේ ශූරීන් මෙම පද මාලාවට ජීවය දෙන්නේ ශ්‍රවකයා ආනන්දයට පත් කරමිනි.


මා අසා ඇති පරිදි මෙම ගීතයට පාදක වූ සිද්ධි දාමය රංබණ්ඩා සෙනෙවිරත්නයන්ගේ ජීවිතයට සමීපය.


                                                
                         "දවසක් පැල නැති හේනේ
                           අකාල මහ වැහි වැටුනා"


මෙහි පැල නැති හේන යන්නෙන් අර්ථවත් වන්නේ පිය සෙනෙහස අහිමි පවූලක් පිලිබදවය. මෙම තනිකඩ මවට හා දරුවාට විදින්නට වන දුක්ක දෝමනස්සයන් හා අගහිගකම් අකාල වැස්සකට රචකයා උපමා කොට දක්වයි.


                        "තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ"


එහෙත් මව ඒ සියලු දුක් කරදර තමා විද ගනිමින් තම දරුවාට සැපවත් ජීවිතයක් ලබාදීමට දරන උත්සාහය කවියා පාඨකයාට සන්නිවේදනය කරන්නේ අපූර්වත්වයක් ජනිත කරමිනි.


මෙහි "හිටි පියවර හිටියා" යන්නෙන් අර්ථවත් වනුයේ මව දෙවන වර විවාහයක් නොවී තම දරුවා ජීවිතයේ එකම අරමුණ සේ ගෙන ඔහුගේ සැපත තම සැපත සේ සැලකූ බවයි.


පුතා උස් මහත් වී අම්මා තනිකර නගරයට යාම ව්‍යංගයෙන් හගවන කවියා, ඔහුට විදින්නට වන ගැහැට හමුවේ බිරිදගේ හැසිරීම දක්වනුයේ අපූර්වත්වය දනවමිනි.
                                  
                      "බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ"


යෝධ ඇලේ අති විශේෂත්වය නම් එහි බැස්ම ඉතා සුලු වීමයි. එහි බැස්ම හැතැම්මට අගලක් යැයි කියැවේ. එම නිසා යෝධ ඇල මතුපිටින් ගලන්නා සේ නොපෙනුනත් යටින් හිමින් සීරුවේ ගලා යයි.
මෙපරිද්දෙන් දුක් කරදර හමුවේ බිරිදද හිමින් සීරුවේ ඔහු තනිකර යන විට ඔහුට මවගේ සෙනෙහස සිහිවේ.
මෙවිට පුතා තම සියලු සැප සම්පත් හැර දමා අම්මා වෙත,අම්මාගේ සෙනෙහස වෙත දුව ගියත් එවිට ඔහු පමා වී වැඩිය, අම්මා ඔහු තනිකර මෙලොව හැර ගොසිනි.පුතා ගම රට බලා එන විට ඔහු පිලිගන්නට අම්මා ඉදිකඩ ලග නැත.
මෙම අවසන් පද පෙල කපුගේ ශුරීන් ගායනා කරන්නේ විලාපයක් බදු ශෝකී ස්වරයකිනි. එය ශ්‍රවකයා තුල අපරිමිත සංවේගයක් ජනිත කරන අතර සිත කම්පනයට පත් කරයි.

Tuesday, May 18, 2010

අසම්පූර්ණ ව්ශ්වය : සාකල්‍ය වාදයට ආයුබෝවන් (Good bye to the theory of Every Thing)


මෙම ලිපිය 2010 මැයි 10 දින නිව් සයන්ටිස්ට් සගරාවේ පලවූ ලිපියක අනුවාදනයකි.

අවුරුදු 15 පෙර මා, ස්වභාවයේ පවතින ඉතා විශාල සහ ඉතා කුඩා වස්තූන් යන සියල්ල ඒකාබද්ධ කරන වාදයක් සොයමින් හඹායන්නෙක් වීමි. ඒ පිලිබද බලාපොරොත්තු තබාගැනීමට හොද හේතු තිබින. අග්‍රගණ්‍ය විද්‍යාඥයන් ඒ සදහා කැපවී ක්‍රියා කළහ. අපගේ යථාර්තය පිලිබද අවබෝධය අසම්පූර්න බව දුතු අයින්ස්ටයින් පවා තම ජීවිතයේ අවසන් අවුරුදු 20 ම කැප කලේ අප අවට පවතින ප්‍රධාන බල යුගල වන ගුරුත්වාකර්ෂනය හා විද්‍යුත්චුම්බක ශක්තිය එකම බලයක ඵලයන් දෙකක් ලෙස පැහදිලි කරන තනි ඒකලිත ක්ෂෙත්‍රයක් සොයාගැනීම වෙනුවෙනි. ඔහුට අනුව එවන් ගණිතමය ආකෘතියක් මිනිස් බුද්ධියේ අග්‍ර ඵලය හා ස්වභවධර්මයේ සංසිද්ධීන් කදිමට පැහැදිලි කරන්නක් විය.  

අයින්ස්ටයින් ගේ මරණයෙන් 50 වසරකට පසුව පවා මෙම ඒකලිත ක්ෂේත්‍රයක් සොයාගැනීමේ ප්‍රයත්නය අතහැර නොමැත. ස්ටීවන් හෝකින් සහ තවත් විද්‍යඥයන්ට අනුව මෙම වාදය සොයා ගැනීම දෙවියන් වහන්සේගේ මනස අවබෝධ කරගන්නවා වැනිය. මෙම උපමාව අහඹුවක් නොවේ. 

නූතන විචාරකයට අනුව අයින්ස්ටයින් ට සහ 20 වැනි සියවසේ අනෙකුත් අග්‍රග්ණ්‍ය විද්‍යඥයන්ට වැරදුනේ ඔවුන්ගේ ආකෘතීන් තුල පදාර්ථයේ සියලුම අංශු සහ ඒවායේ මූලික අන්තර්ක්‍රියා අඩංගු නොවූ නිසාවෙනි.එම සාධක අඩංගු වන්නේ නම් සාර්ථක වීමට වැඩි නැඹුරුවක් ඇති බව ඔවුන් පෙන්නා දෙති. එසේ වන්නේ නම් සියලු විද්‍යාවන්ගේ අවසන් වාදය පිලිබද සිහිනය ශක්තිමත් වන බව ඔවුහු පෙන්වා දෙති. නමුත් අපි ඉලක්කයට කොතෙක් ආසන්න වී ඇද්ද? මෙම වාදය අමූලික බොරුවක් විය නොහැකිද? සියල්ල පැහැදිලි කරන මෙවන් වාදයක් බැතිමතුන් විසින් වන්දනා කරන ආගමික විශ්වාසයකට සම නොවන්නේද?

අප දන්නා භෞතික විද්‍යාවට පෙර සිටම, පුරාණ ග්‍රීක දාර්ශනිකයන් ස්වභවයේ පවතින විවිධත්වය මූලික ප්‍රභවයකින් හෙවත් මූලික ද්‍රව්‍යකින් විකසනය විය නොහැකිදැයි කල්පනා කලහ. ඇරිස්ටොට්ල්ට අනුව පළමු ග්‍රීක දාර්ෂණිකයා වූ තෙලේස් සියල්ල ජලය පාදක කොට ගෙන නිර්මාණය වී ඇතැයි යෝජනා කලේය. ඔහුට අනුව ජලය ස්වභාවයේ ක්‍රියාශීලී හරය විය. පසුව පයිතගරස් සහ ඔහුගේ අනුගාමිකයන් ස්වභාවධර්මය ගණිතමය ප්‍රහේලිකාවක් යැයි විශ්වාස කල අතර එය අනුපාත හා පූර්ණ සංඛ්‍යා එක් කරන රටාවකට නිර්මානය වී ඇතැයිද, එය පැහැදිලි කිරීමට යතුර ජ්‍යාමිතිය යැයි ද විශ්වාස කරන ලදී.

ස්වභවධර්මයේ රහස් සොයා ගැනීමට මූලික දොරටුව ගණිතය යැයි යන අදහස පුනරුද යුගයේ අවසන් කාලයේ නැවතත් මතු විය. ගැලීලියෝ, නිව්ටන්, ඩෙස්කාටස් සහ කෙප්ලර් යන විද්‍යාඥයන් අවධාරනය කලේ ස්වභාවික සංසිද්ධීන් ගණිතමය වශයෙන් පැහැදිලි කිරීමට හැකි වනුයේ විද්‍යාත්මක ක්‍රමය භාවිතය තුලින් පමණක් බවයි. මෙවිට කල්පිත පරීක්ෂන හා නිරීක්ෂන තුලින් පරික්ෂා කර බලන අතර ඉන්පසු පිලිගැනීම හෝ ඉවතලෑම සිදුකරයි. මෙයාකාරයෙන් භෞතික විද්‍යාව "කොහොමද" යන්න මූලික කරගත් අතර "ඇයි" යන්න ආගමට හා දර්ෂණයට භාර කෙරින. නිව්ටන් ගෙන් අංශු අතර අන්තර් ආකර්ශන අති වන්නේ ඇයි දැයි ඇසූ විත ඔහු තමාට එයට පිලිතුරු දීමට නොපුලුවන් බවත් සංසිද්ධීන් පිලිබද ප්‍රමානාත්මක පැහැදිලි කිරීමක් ප්‍රමානවත් බවත් පැවැසීය.


කෙසේ වෙතත් එය සම්පූර්න කතාව නොවේ. නිව්ටන්ට අනුව දෙවියන් වහන්සේ ඉහලම ගණිතඥයා වූ අතර ස්වභාවධර්මයේ ගණිතමය මූලධර්ම නිර්මාණ සැලැස්මේ පිටපත විය. විද්‍යාව දියුණු වත්ම මෙම නිර්මාණ වාදය මැකී ගිය මුත් සියල්ල පැහැදිලි කරන රහස් යතුරක් ඇත යන සංකල්පය බැහැර නොවීය. අයින්ස්ටයින් ට අනුව පවතින සියල්ල පිටුපස සංවිධිත ක්‍රමවත් බවක් පවතින අතර එම මතවාදය ඔහු විශ්වාස කල දෙවියන් විය.

නූතනයේ ඒකිකෘත ක්ෂෙත්‍රය පිලිබද වාදයන් ආකාර දෙකක් ගනී. සාම්ප්‍රදායික විශිෂ්ට එකිකෘත ක්ෂෙත්‍ර වාදය, විද්යුත්චුම්භක ශක්තිය හා ප්‍රභල,දුභල න්‍යෂ්ටික ශක්තීන් එකම ශක්තියක් ලෙස පැහැදිලි කිරීමට යත්න දරයි. මෙය පලමුවෙන්ම 1974 දී හාවඩ් සරසවියේ හොවාඩ් ජෝජි විසින් හා බොස්ටන් සරසවියේ ෂෙල්ඩන් ග්ලැෂෝ විසින් ඉදිරිපත් කරන ලදී. දෙවනි ආකෘතිය ගුරුත්වාකර්ෂනයද මෙයට ඇතුලත් කිරීමට යත්න දරයි. එය සුපිරිතන්තු වාදය නම් වේ. එහිදී පදාර්ථය මූලිකවම කම්පනය වන තන්තු වලින් නිර්මිත බවත් ඒවා ඉහල මාන අවකාශයක පවතින බවත් කියැවේ.

අන් සියලු භෞතික වාදයන් මෙන්ම මෙම එකිකෘත ක්ෂෙත්‍ර වාදයද අනාවැකි පල කරයි. එකක් නම් සියලු පරමානුක න්‍යෂ්ටීන් හි පවතින ප්‍රෝටෝනය අස්ථායී බවයි. නමුත් මේ දක්වා ඉතා සියුම් උපකරන යොදා ගෙන කරන ලද පරීක්ෂන වලින් ක්ෂය වන ප්‍රොටොන සොයා ගැනීමට නුපුලුවන් වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැනට නිරීක්ෂණය කල නොහැකි තරම් ඉතා සුලු ලෙස ප්‍රොටොන ක්ෂය වන ලෙස දක්වෙන පරිදි ආකෘතීන් වෙනස් කරන ලදී. තවත් අනාවැකියක් වූ පුඤ්ජ ලෙස පවතින අන්තර්ක්‍රියාකාරී ක්ෂෙත්‍ර හෙවත් චුම්භක එක ධ්‍රැව මෙතෙක් සොයාගෙන නැත.

සුපිරිතන්තු පිලිබද තත්වය මීටත් වඩා අපැහැදිලිය. එහි ඇති ගණිතමය අලංකාරය කෙසේ වෙතත්,එම වාදය භෞතික තත්වයෙන් ඉතා ඈත් වී ඇති අතර මිනිය හැකි තන්තුමය ආචරනයක් යනු කුමක්දැයි නිර්නය කර ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි.

මා සිතන ලෙස මෙම එකිකෘත ක්ෂෙත්‍ර වාදය යන හැගීම පවා වැරදි සහගත වන බවයි. අප දන්නා බල එකිකෘත කිරීම සාර්ථක වුවත් අප අත් කරගන්නේ අසම්පූර්න එකීය කිරීමකි. අපගේ උපකරන වලත සීමාවන් ඇත. අපගේ භෞතික දැනුම අප ගන්නා මිනුම් මත රදා පවතින නිසා අපට කිසිදා සියල්ල දැනගැනීමට ලැබෙන්නේ නැත. මූලික බල හතරක් පමනක් ඇතැයි ස්ථීරව කිව හැක්කේ කාටද? විද්‍යාව මවිත කිරීම් වලින් ගහනය. එමනිසා යථාර්තය ගැන අපගේ දැනුම අත්‍යාව්ශ්‍යයෙන්ම අසම්පූර්න බව පිලිගැනීම වඩාත් සුදුසුය. මෙවිට දෙවියන්ගේ මනස තෙරුම් ගැනීම බැහර කර විද්‍යාව මිනිස් ප්‍රයත්නයක් ලෙස අවබෝධ කර ගත හැකි වනු ඇත.

අංශු භෞතිකයේ පර්යේෂන අපට පෙන්වා දී ඇත්තේ,පරිපූර්නත්වය පිලිබද අපගේ බලාපොරොත්තු, බලාපොරොත්තු පමනක් බවයි. සමමිතිය සංකල්පය සෑම තැනම බිද වැටේ. ජෝන් කීට් කී පරිදි නොව ස්වභාවයේදී ලස්සන හැම විටම සත්‍ය නොවේ.


නමුත් මා යෝජනා කරන්නේ මූලික අසමමිතිය අපගේ විශ්වයේ අත්‍යවශ්‍ය කොටසක් බවත් එය අපගේ පැවැත්ම තීරණය කරන බවත්ය.පහත කරුනු බලන්න. විශ්වය අවුරුදු බිලියන 14 තිස්සේ ප්‍රසාරනය වීමට විශේෂ ගුණංග තිබිය යුතුය. මහා පිපුරුමෙන් පසු පදාර්ථ ප්‍රථිපදාර්ථ අබිභවා සිටිය යුතු වූ අතර එසේ නොවී නම් විශ්වයේ වැඩිපුර පවතිනු ඇත්තේ විකිරනය. ජීවය පවා අසමමිතියේ ප්‍රථිඵලයකි. ඇමයිනෝ අම්ලයක අසමමිතියේ සිට ප්‍රජනනයෙදී සිදුවන විකෘථි  දක්වා මෙම අසමමිතිය අංශු, පරමානු, සෛල; ප්‍රාග් න්‍යෂ්ටික සෛල වල සිට සූ න්‍යෂ්ටික සෛල  දක්වාත් දීර්ඝ ගමන  මෙම අසමමිතිය මගින් බලගැන්වීය.


පෘතුවියෙහි ඉතිහාසය පාරිසරික වෙනස්වීම වලින් පිරී ඇත. සමහරවිට අද අප අත් විදින සංකීර්න වූ ජීවය පවා ඉතා දුලභ ,අසමමිතියේ සහ අසම්පූර්නත්වයේ නිර්මානයක් විය හැක. 


නමුත් අවසාන වාදය අතැර දැමුවාට විද්‍යාව නීරස වන්නේ නැත. ඒ අපගේ කුතුහලය අවුස්සන අභිරහස් මේ ස්වභාවධර්මයේ ඇති බැවිනි.


                                                                                                    
by Prof. Marcelo Gleiser
courtesy  New Scientist

Monday, May 17, 2010

FAR OFF THINGS


I picked up this book because I had no alternative, to say the truth I don't like reading facts. My first impression on the book titled FAR OFF THINGS by Dr.R.L. Spittel was a little bit boring. But as reading Wild Ceylon, describing in particular the lives of the present day Veddas, by R.L. Spittel. With illustrations from photographs by the author ...progressed beyond the first page my conclusions were proved wrong. This is a book which presents some interesting facts about colonial Ceylon in its true form. Here we can immerse ourselves in the history, legends, jungle lore, Vedda aborigines and people and their traditionsErotic Sri Lanka: Buxom Native Gods (Allborough Folklore & Sex) and some fascinating facts about some seemingly unimportant places, creature and etc;

The writer is an ardent lover of Ceylon, which is clearly portraited from the following excerpts....
        
                     let others belaud the ways of the west
                        or homeland or township,wherever it be
                    however mighty,however blest-
                                                           lanka my island, you are all to me..


The author is well known for his various expeditions in the quest of searching the ways of the Vedda. In this book also he delves into various aspects of  this unique native society.Wild Ceylon, describing in particular the lives of the present day Veddas, by R.L. Spittel. With illustrations from photographs by the author ...Savage Sanctuary If u want to get an idea of the contemporary ceylon of that time this book would certainlr exceed your expectations.

බාල නගා


රෑ කලුවර මකා දමන පෝ දා සද                   වැන්න
තණපත් පිනිබිදු දියකර හරින ලහිරු             වැන්න
පිපාසාව දුරලන සිහිලඹ දෝතක්                   වැන්න
මගෙ තනිකම දුරලන්නට බාල නගේ            එන්න



වෙල් යායේ පීදෙන රන් බන්ඩි කරල             වැන්න
සුලලිත තාලෙට නැලවෙන්න කුරහන් මල     වැන්න
රෑ යාමේ පීදෙන සොද පිච්ච කැකුලු                වැන්න
කොයි යන්නේ බාල නගා මා ගැන දුක           නැද්ද

Saturday, May 15, 2010

තෙල්

ශ්‍රි ලංකාවේ දැනට ඇති වී තිබෙන බලශක්ති අර්බුදයට ලබා දිය හැකි එක් විසදුමක් වන්නේ ශ්‍රි ලංකාවේ ඇතැයි කියන තෙල් සහ ගෑස් නිධි භාවිතයට ගැනීමයි.


මේ සදහා ඉදිරි පියවරක් තබමින් ශ්‍රි ලංකා ආණ්ඩුව ඉන්දියාවේ CAIRN සමාගම සමග මෑතකදී ගිවිසුමකට එලඹෙමින් මන්නාරම් ද්‍රොණියේ එක් කලපයක තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණය එම සමාගමට පැවරීය.


මෙම ගිවිසුමේ වැදගත් කරුනු ස්වල්පයක් ඔබ හමුවේ තැබීම මෙම ලිපියේ අරමුණයි.


භූමි භාගය - මන්නාරම් ද්‍රොණියේ SL 2007/01/001


වර්ග ප්‍රමානය - 3400 ව.කිමි


ගැඹුර - 200m සිට 1800m දක්වා


මෙම ගවේෂණ කටයුතු සදහා ඩොලර් මිලියන 112 වියදම් කිරීමට සමාගම එකග වී ඇත. මෙහිදී සමාගමට තෙල් වාණිජ වශයෙන් ලබගැනීමෙන් ලැබෙන ආදායමෙන් 65% හිමි වේ.


ලංකාවට ලැබෙන ප්‍රතිලාභ.


#ආදායමෙන් 10% ක රාජ්‍ය භාගය හිමිවේ.
#තවද තෙල් වානිජ මට්ටමෙන් හමුවුවහොත් නිෂ්පාදන පාරිතොෂිකයක් වශයෙන් ඩොලර් මිලියන 50 හිමි වේ.
#ලංකාවට ලබෙන ලාභය ආයෝජිත ප්‍රමානය මත වේ.
#සමාගමේ ලාභයෙන් 15% බදු




ගිවිසුම් කාලය අවුරුදු 8 කි.
සමාගම සියලුම ගවේෂණ දත්ත රජයට ලබා දීමටත් ශ්‍රමිකයන් පුහුණු කිරීමටත් පරිසර අධ්‍යයනයන් අනුව කටයුතු කිරීමටත් අදාල තාක්ෂනය 
ලංකාවට ලබා දීමටත් බැදී සිටී.

courtesy - peoples daily online.com

අත්දැකීම

 ලියන්නෙ මොනවද කියල කල්පනා කර කර ඉන්න අතරෙ හිතුන මගේ පළවෙනි job කට්ට ගැන ලිව්වොත් හොදයි කියල.

දෙවැනි සැරේ A/L කරල ගෙදරට වෙලා නිකම්ම ඉන්න කොට අයියා තමයි කිව්වේ ලංකා බැංකුවට මාස 6 කට school leavers ල ගන්නව කියල. ගතමනාවකුත් ලැබෙන නිසා මාත් එක පයින්ම කැමති උනා. කොහොමින් කොහොම හරි සති 2 කට විතර පස්සෙ රස්සාවට එන්න කියල ලියුම ආවා.

ඔන්න ඉතින් මමත් හාපුරා කියල අලුත් කලිසම් ෂර්ට් ඇදල අම්ම දුන්න බත් එකත් උස්සගෙන දකුණු පය පෙරට තියා පිටත් වුනා.
මම වැඩ කරේ ලංකා බැංකු පළාත් කාර්යාලෙ. ඒක තියෙන්නෙ ගාල්ල කොටුවෙ. ඒකෙ මුදල් ගනුදෙනු වෙන්නෙ නැති නිසා branch එකක් තරම් busy නෑ. මාව දැම්මෙ recovery section ඒකට. ඒකෙන් කරන්නෙ ණය ගෙවන්නෙ නැති මිනිස්සුන්ගෙන් අදාල හිග මුදල් අය කර ගන්න එක.(පොළියත් සමග)

රස්සාවට ගියපු මුල් දවස් වල මාර කට්ටක් තමයි කෑවෙ. මම ඉතින් ඒ දවස් වල ටිකක් shy ළමයා නෙ. ඉතින් මගේ වැඩ ටික කරල ඉවරවුනාට පස්සෙ ඔහෙ පැත්තකට වෙලා ඉන්නවා. ඒ මදිවට අනිත් school leavers ල ඔක්කොම girls ල. ඉතින් කරන්න වැඩකුත් නැති නිසා මම 11 ට 11.30 ට විතර දවල්ට කනවා. ඒක නිසා මට card ඒකකුත් වැදුනා පොඩි සාදු කියලා.....

මම කිව්වනෙ මම වැඩ කලේ අය කරගැනීමේ අංශයෙ කියල. මෙතනින් තමයි ණය ගෙවන්නෙ නැති වුනාම දේපළ වෙන්දෙසි කරන්නෙ, නඩු දාන්නෙ. හුගක් වෙලාවට වෙන්දේසි වෙන්නෙ දුප්පත් නැති බැරි මිනිස්සුන්ගෙ දේපළ තමයි. සල්ලිකාරයො හිමීට shape වෙනවා.

ටිකක් කල් ගියාට පස්සෙ මට office එක ගෙදර වගේ. අපෙ අංශයේ chief තමයි මදුරපාල සර්. හරිම හොද මනුස්සයා. සමහර වෙලාවට එයා කරන විහිලු වලට office එකම  හිනා සාගරයක්. හැම problem එකටම හිනාවෙලා මූණ දෙනවා.

තවත් අමුතු චරිතයක් තමයි ජයන්ත සර්.මිනිහ ටිකක් චණ්ඩියා. හෙන පොර talks දෙන්නෙ. සමහර මාස වල සති ගණන් නිවාඩු. එයාගෙ hobby එක තමයි ඇදුම් ගැනීම.

කාන්ති මිස් එක්ක තමයි මම හෙන fit. හරිම හොදයි. අපි දෙන්න වැඩක් නැති වෙලාවට රටේ නැති දේවල් ගැන කතා කරනවා.
මම ලගදිත් මිස්ගෙ ගෙදර lunch එහකට ගියා..

පුෂ්පා මිසුත් හරිම හොදයි. එක දවසක් මගෙ වැඩක් නිසා ලොක්කෙක් මිස්ට බැන්නා.. එයාගෙ computer මම use කරා කියල.

කිරින්ගොඩ සර් අපෙ ඉස්කෝලෙ old boy කෙනෙක්. එයා සමහර වෙලාවට මට එයා ඉස්සර කරපු වීර ක්‍රියා ගැන කියනවා. සමහර වෙලාවට අපි බුද්ධාගම ගැන බරසාර discussion කරනවා. මමත් දන්න දේ දේශනා කරනවා...

ඔන්න ඔය විදියට තමයි මගෙ රස්සාවෙ මාස 6 දන්නෙම නැතිව ගෙවිල ගියෙ. ඒ මාස 6 ට මම ගොඩක් දේවල් ඉගෙනගත්තා.