Saturday, May 29, 2010

ඇබැද්දිය

මාර වැඩක් තමා වුනේ. ඔයාල දන්නවනෙ සමහර බ්ලොග්ස් වල template  එක blogger වලින් දෙන ඒවට වඩා වෙනස් නේ. ඉතින් මටත් හිතුනා මගේ බ්ලොග් එකටත් ලස්සන template එකක් දාගන්න. ඔන්න ඉතින් search කරල ලස්සන template එකක් හොයාගත්තයි කියමුකෝ. මම ඉතින් මේ cyber  space එකට ආධුනිකයි නෙ. ඉතින් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ template එක add කරා. ඒත් මට ඕන සමහර widgets ඒ template එකේ තිබුනෙ නෑ. ඉතින් ආපහු ඉස්සෙල්ල තිබුන template එකට මාරු වුනා. එතකොට තමයි තරු පෙනුනෙ. ඒක use කරාට එකේ සමහර widgets වැඩ කරන්නෙ නෑ. පස්සෙ දන්න හැම සෙල්ලමක් ම දාල බැලුව. ඒත් හරිගියේ නෑ. මම දෙන අවවාදය තමයි ඔය HTML code වෙනස් කරන්න ඉස්සෙල්ල ඒව download කරගන්න කියන එක. නැත්තම් මාර කට්ටක් තමා කන්න වෙන්නෙ.

ඔයලට ලස්සන template ඕනනම් මෙතන කොටන්න.

කරන්න ඕන මෙච්චරයි.

1.ඕන කරන template එක download කරගන්න.
2.ඔය download කරපු file එක තියෙන්නෙ zip file එකක් විදියට. ඒක නිසා ඒක extract කරගන්න.
3.ඊට පස්සෙ blogger dashboard එකට ගිහිල්ලා එතනින් > layout > edit HTML යන්න.
4.දැන් තියෙන template එක ඉස්සෙල්ල download කරගන්න.
5.දැන් අර අලුත් template එක open කරල upload කරන්න.
6.කොහොමද බඩු වැඩ නේ.

2 comments:

  1. මාත් ඔය වගේ කටු ඕනා තරම් කාලා තියේ :D දැං නං ටිකක් විතර කල්පනා කරලා වැඩ කරනවා :D
    Followers widget එක දාන්න. comment වල word verification අයින් කරන්න. :)

    ReplyDelete